වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 කින් ජය ගත්තේ ය.
ශාන්ත කිට්ස්හීදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 175 ක් රැස් කළේ ය.
ආරම්භක පිතිකරු කැම්බල් කෙලවේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 කි.
ශ්‍රී ලංකා නායක, දුනිත් වෙල්ලාලගේ ලකුණු 28ට කඩුලු 5 ක් දවාගත්තේ ය.
ත්‍රීවීන් මැතිව් සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 37 ක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී සිටියදී ය.
අංජල බණ්ඩාර ලකුණු 33 ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 52 ක් රැස් කළ අතර රනිදු සෝමරත්න නොදැවී ලකුණු 32 හිමි කර ගත්තේ ය.