29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා රජය ගෝලීය ආහාර සන්ධානයක් ස්ථාපිත කිරීම.

ශ්‍රී ලංකා රජය ගෝලීය ආහාර සන්ධානයක් ස්ථාපිත කිරීම.

ශ්‍රී ලංකා රජය ගෝලීය පාසල් ආහාර සන්ධානයට සම්බන්ධ වීමේ ප්‍රකාශය සඳහා පැවති විශේෂ හමුවක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ ( WFP) නියෝජිත අධ්‍යක්ෂ අබ්දූර් රහීම් සිද්ධිකි මහතා සමඟ පවත්වන ලදි.

ගෝලීය පාසල් ආහාර සන්ධානයක් ස්ථාපිත කිරීමේ කාලෝචිත තීරණයක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ගෙන තිබේ. මෙම සන්ධානය මඟින් ගෝලීය ප්‍රයත්නයන් හා මනා භාවිතයන් එකට ගෙන එනු ලබන අතර මනාව සමෝධානික වූ පාසල් ආහාර වැඩසටහන් හඳුන්වා දීමේ අරමුණ පෙරදැරිව සාමුහික වැඩ සඳහා  පහසුකම් සපයනු ලැබේ.

මෙම ප්‍රකාශය හරහා පාසල් දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීමට කැපවන බවට ප්‍රතිඥා දුන් නවතම රට බවට ශ්‍රී ලංකාව පත්වේ. Global school meals Coalition යනු (WFP) සංවිධානයේ  සහාය ඇතිව ප්‍රංශය සහ ෆින්ලන්තය විසින් මෙහෙයවනු ලබන එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් මෙහෙයවනු ලබන මුලපිරීමකි.

2030 වර්ෂය වන විට සියලුම දරුවන්ට පෝෂ්‍යදායි ආහාර ලබාදීම සඳහා ලොව පුරා පාසල් පෝෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම මෙම සන්ධානයේ ඉලක්කයයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments