ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම HomeBroadbandසම්බන්ධතා කළමනාකරණයකිරීමසඳහාAmazon Alexaපහසුකමලබාදීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සේවා සමාගමක් Amazon Alexa සේවා පිරිනමන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම පියවර SLT-MOBITEL පාරිභෝගිකයන්ගේ ඩිජිටල් ජීවන රටාවතවදුරටත්වැඩිදියුණුකරනසුවිශේෂීපියවරක්වනුනිසැක ය.
වර්තමානයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සහ හඬ විධාන පදනම් කරගත් සේවා වේගයෙන් දියුණු වෙමින් පවතින පසුබිමක් තුළ, භෞතික හා ඩිජිටල් ලෝක අතර පරතරය දක්‍රමයෙන් අඩුවෙමින් පවතී. ජනතාවට තම කාර්යබහුල ජීවන රටාව අතරතුර එදිනෙදා කටයුතු වඩාත් හොඳින් කළමනාකරණය කරගැනීමට උපකාරී වීම සඳහා Apple Siri සහ GoogleAssist වැනි සේවා රැසක් ජංගම දුරකථන ඔස්සේ කරළියට පැමිණ තිබේ.
Amazon සමාගම හඳුන්වා දී ඇතිVirtual Smart Assistant සේවාවක් වන Alexa, ක්ලවුඩ් තාක්ෂණය පදනම් කරගත්, කෘත්‍රිම බුද්ධිය භාවිතා වන සුවිශේෂීනිර්මාණයකි.AI voice assistance යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වනඑයට ස්මාර්ට් උපකරණ රාශියක්සමගසම්බන්ධ වීමේ හැකියාව ඇති අතර, ඒ ඔස්සේ ජනතාවගේඩිජිටල් ජීවන රටාවට නව අත්දැකීම් සමීප කළ හැක.
ඒ අනුවSLT-MOBITEL පාරිභෝගිකයන්ට Alexa app හෝ Alexaඋපකරණයක් භාවිතයෙන් තම ස්ථාවර සම්බන්ධතා කළමනාකරණය කරගැනීමට හැකියාව දැන් උදාවී තිබේ. SLT-MOBITELHomeBroadband සේවා Alexa සමග පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම නිසාSmart Assistant වෙතින් සහය ලබාගනිමින්, SLT-MOBITEL දුරකථන, අන්තර්ජාල, PEO TV සහ ඇමතුම් මධ්‍යස්ථාන වැනි සේවා රාශියක් ලබාගත හැක.
Alexa යනු සෑම විටම ඔබ ළඟින්ම සිටින ඩිජිටල් සහායකයෙකු වැනි සේවාවකි. Alexa භාවිතයෙන් අතිරේක ඩේටා එක්කර ගැනීම, ඩේටා වැයවී ඇතිආකාරය පරීක්ෂා කිරීම, රූපවාහිනී නාලිකා මාරු කිරීම සහ චිත්‍රපට මිලදී ගැනීම වැනි බොහෝ දේ සිදුකිරීමට හැකි වේ. මේ ආකාරයටSLT-MOBITELසම්බන්ධතාසඳහාAlexa භාවිතා කිරීමටහැකිවීම, පාරිභෝගිකයන්ට පෙර නොවූවිරූ පහසුවක් ලබාදෙමින්, ඔවුන්ගේ ඩිජිටල් ජීවන රටාවන්ගේ කැපීපෙනෙන වෙනසක් සිදුකරනුනොඅනුමාන ය.
SLT-MOBITEL සම්බන්ධතාසමගAmazon Alexa භාවිතාකිරීමටඅවශ්‍යතාක්ෂණිකපදනමසපයන ලද්දේ දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණ සමාගමක් වන The Connection Workshop (පුද්.) සමාගමසමග ඇතිකරගත් හවුල්කාරීත්වයක් තුළිනි. The Connection Workshop සමාගම ශ්‍රී ලංකාවට Tedi Alexa voice assistant සහ home automation සේවා හඳුන්වා දීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ.