29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්විපක්ෂය විසින් විවිධ ප්‍රශ්න මතු කළද රජය එම අභියෝග ජයගනිමින් කොවිඩ් වසංගතය...

විපක්ෂය විසින් විවිධ ප්‍රශ්න මතු කළද රජය එම අභියෝග ජයගනිමින් කොවිඩ් වසංගතය තුළින් බිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න කටයුතු කරනවා. රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

විපක්ෂය විසින් විවිධ ප්‍රශ්න මතු කළද රජය එම අභියෝග ජයගනිමින් කොවිඩ් වසංගතය තුළින් බිඳ වැටුණු ආර්ථිකය ද ජනතාවගේ අභිවෘද්ධිය ද නැවත ගොඩනැගීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරමින් රට ඉදිරියට ගෙන යාමට රජයකටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (25) පැවති ප්රජවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්,
“අද විපක්ෂය බොරුව ජනගත කරන්න විශාල වෙහෙසක් ගන්නවා. මේ කොවිඩ් උවදුර නැවත හිස ඔසවමින් පවතින සමයක අපි අද වෙද්දි උත්සහකරනවා මෙය ආරක්ෂිත කරමින් මේ කොවිඩ් උවදුරට ලක්වෙන එක වලක්වා ගන්න.මේ තුන්වෙනි මාත්රාමව කොහොමහරි ලබා දෙන්න. සමස්ත ජනගහනයෙන් 30% ක්වත් තුන්වෙනි මාත්රාරව අරගත්තේ නැතිවෙලාවක් මේ තිබෙන්නේ. ඒ තුන්වෙනි මාත්රාෙව ගැනීම ගැන විපක්ෂය සහ ඇතැම් කණ්ඩායම් විවිධ මත පලකරලා මෙහි අතුරු ආබාධ තිබෙනවා කියලා. විපක්ෂය යැපෙන්න ගොඩක් දේවල් ප්රියෝජනයට ගන්නවා. අපි සෑම පුරවැසියෙක්ගෙන්ම ගෞරවයෙන් ආරාධනා කරන්නේ මේ තුන්වෙනි මාත්රාරව ලබා ගන්න කියලා. මේ සඳහා සෞඛ්යර උපදෙස් ලැබිලා තිබෙනවා. අපේ ජනාධිපතිතුමා මේඑන්නත් ටික ගෙනල්ලා නිසි වැඩපිළිවෙළක් යටතේ කරගෙන යනවා.මේ රට අද තියෙන තත්වයත් සමඟ අපිට ඉදිරි ක්රිබයාමාර්ග වලදි සෞඛ්යළ ආරක්ෂිත භාවය අවශ්යව වෙනවා. විදේශිකයෝ, සංචාරකයෝ, ආයෝජකයෝ මේරට දිහා බලන්නේ, මේ රටේ කටයුතු කරන්නමෙය ප්රෙධාන කාරණයක් වෙනවා.එදා යුද්ධය තිබුණ කාලයේ විපක්ෂය විසින් විවිධ කතා කිව්වා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එදා හිටපු ආරක්ෂක ලේකම්වරයා විදිහට වර්තමාන ජනාධිපතිතුමාත් අඩියක් පස්සට තියන්නේ නැතිව යුද්ධය අවසන් කරලා මානුෂික මෙහෙයුමක් විදිහට ජනතාවට ඕන කරන සියලුම පහසුකම් දුන්නා. විපක්ෂයට මේකට බයයි. විපක්ෂයේ අරමුණ තමයිකොවිඩ් වැඩිවෙයි,රට බංකොලොත් වෙයි, ඩොලර් නැති වෙයි ඒක තමයි ඔවුන් පාවිච්චි කරන්නේ. ඒ නිසා හරි ආර්ථික කළමණාකාරිත්වයක් තිබුණානම් ඒ කාලයේ 2015 අපි දිලා ගිය රට විකුණන්නේ නැතිව, අලෙවි කරන්නේ නැතිවසංවර්ධනය වෙනුවෙන් පාවිච්චි කළානම් , අද අපිට කොවිඩ්වලට මීට වඩා කළමනාකාරිත්වයෙන් රට ගෙනියන්න තිබුණා. අපේ ආර්ථික වර්ධනය වැඩි කරගන්න මූලික පදනම, මූලික වැඩපිළීවෙළ ජනාධිපතිතුමා දියත් කරලා තිබෙනවා. ඒ නිසා ඉස්සර ප්රගතිඅපනයනය කරපු අපේ රටේ තිබෙන අපනයන කෘෂිකර්මාන්තය අද ඉතා සාර්ථක අපනයන කෘෂිකර්මාන්තයක් වෙලා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්රිග ප්‍රදීප් උදුගොඩ මහතා අදහස් දක්වමින්,
“අද රටේ ජනතාව වෙනුවෙන් ඉටුකරන කටයුතු තුළදි ජනතාව යම්කිසි ආකාරයක ආර්ථිකමය වශයෙන් යම්කිසි පසුබෑමකට ලක්වෙලා කියලා අපි හැමෝටම පිළිගන්න සිදුවෙලා තිබෙනවා. ඒකට ප්රෙධානතම කාරණය තමයි මේ රට 2019 භාරගන්න කොට අතිගරු ජනාධිපතිතුමා ස්වයංපෝෂිත රටක් විදිහට නොවේ භාරගත්තේ. අරාජිත වෙච්ච රටක් භාරගත්තේ. මේ රටේ ප්රවධාන ආදායම් මාර්ගය වන සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇනහිටිපුඅවධියක තමයි 2019 වර්ෂයේ අපිට භාර දෙන්නේ.පාස්කු ප්රනහාරය සිද්ධියෙන් පසු විදේශිකයින්ට ආරක්ෂාව නැති නිසා ඔවුන් මෙරටට පැමිණීම නැවතුනා. එනයින් රටේ ආර්ථිකය කඩා වැටිලා තිබ්බේ. නමුත් මේ රටේ යුද්ධයක් ඉවර වෙලා දශක තුනයි. මේ යුද්ධය සඳහා ඕනෑම ආණ්ඩුවකට සැලසුම් කිරීමට කාලයක් තිබුණා. නමුත් මේ කොවිඩ් වසංගතය හමුවේ පොඩි කාලයක් ඇතුළත මුළු ලෝකයටම අර්බුදයක් වෙලා තියෙනවා. ඒ අවස්ථාවල අපිට ආදායම් රැස්කීරමට තිබෙන ඉඩකඩ අඩු වුණා. මේ රටේ තිබෙන ආදායම් මාර්ග එකවර කඩා වැටෙන කොට සමහර පිරිස් කියනවා විදේශ සංචිතය ප්රවමාණය අඩුවෙලා කියලා. අපිට මේ රටට ඩොලර් එන ප්රරධානතම ආදායම් මාර්ග 04 ම සම්පූර්ණයෙන්ම නැවතෙනකොට අපිට තිබෙන ඩොලර් මේ රටට තිබෙන ප්ර‍වණතාවය අඩු වුණා. ඒ නිසා අපිට විකල්පයක් නැති නිසා තමයි රටේ තිබෙන සංචිත ප්රරමාණය පාවිච්චි කරලා හරි අවශ්ය තා ප්රණමාණය සම්පූර්ණ කරන්න සිදු වුණේ.
ඒ ව‍ගේම මේ කොවිඩ් වසංගත තත්වයට අතිගරු ජනාධිපතිතුමා දූරදර්ශීව සිතලා 2020 වර්ෂයේ මේ රටේ ජනතාවට එන්නත්කරණය ආරම්භ කළේ. ඒ සඳහා විශාල මුදල් ප්රපමාණයක් සංචිත වලින් උපයෝගි කරගන්න සිදු වුණා. එදා ගත්ත නිවැරදි තීන්දු හින්දා වසර දෙකක් වැනි කාලයක්යන විට මේ වසංගත තත්වය යමිකිසි ආකාරයකට කළමණාකරණය කරගන්න හැකිවෙලා තිබෙනවා.අද ජනතාව තමන්ගේ ජීවනෝපාය යම්කිසි ආකාරයකින් ඉටුකරගෙන යනවා. ඒ නිසා මේ රටේ කුමණ අර්බුද පැමිණියත් රජයක් හැටියට අපි දූරදර්ශිව හිතලා බලලා අපේ රටේ ප්රමමුඛතාවයක් ලබලා දෙන්න ඕන.මේ අර්බුද හමුවේ ජනතාවගේ ජිවිත ආරක්ෂා කර ගැනීමට ප්රකමුඛතාවය දෙන විට මෙවැනි ආකාරයේ යම් යම් ප්රහශ්න ඇතිවෙන්න පුළුවන්. ජනතාව යම්කිසි ආකාරයක ආර්ථික උද්දමනයක් අද දකින්න ලැබෙනවා. එය මේ රටට විතරක් ආවේණික ප්ර ශ්නයක් නොවේ.අද ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව අපහසුතාවයට පත්වෙනකොට වැඩියෙන්ම සන්තෝෂ වෙන්නේ ජනතාවිමුක්ති පෙරමුණයි. ඒ අය කැමති ජනතාව අසිරුතාවයට පත්වෙන කොටයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments