29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්74 වැනි ජාතික නිදහස් දින උළෙල මහත් අභිමානයෙන්.

74 වැනි ජාතික නිදහස් දින උළෙල මහත් අභිමානයෙන්.

මෙවර පෙබරවාරි මස 04 වැනිදාට යෙදෙන 74 වැනි ජාතික නිදහස් දින උළෙල මහත් අභිමානයෙන් යුක්තව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්‍ෂක හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ මෙන්ම විපක්‍ෂනායකවරයා සහ විදේශීය තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් නිදහස් උත්සවය සමරන බව පැවසූ ඇමැතිවරයා ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින් 6403කගේ සහභාගීත්වයෙන් උත්තමාචාර පෙළපාලියද පළාත් නියෝජනය කරමින් නර්තන ශිල්පීන් ශිල්පිනියන් 431කගේ සහභාගීත්වයෙන් සංස්කෘතික පෙළපාලිය පැවැත්වෙන බවද සඳහන් කළේය. ත‍්‍රිවිධ හමුදා ආචාර වෙඩිමුර පෙළපාලියද පැවැත්වෙන බවද 2023 වසරේදී යෙදෙන 75 වැනි නිදහස් දින රිදී ජුබිලියට සමගාමීව හරිත ශ‍්‍රී ලංකා ජාතික වැඩසටහනද මෙදින ආරම්භ කරන බව ඇමැතිවරයා කීවේය. ඒ අනුව දිවයිනපුරා පැළ ලක්‍ෂයක් සිටුවීමේ වැඩසටහන ආරම්භකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැළ සිටුවීමද මෙවර නිදහස් උළෙලට සමගාමීව පැවැත්වෙන බව ඇමැති චමල් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments