විපක්ෂ නායක කාර්යාලයේ (03) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ සමගි ජන බලවෙිග මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා.
හෙට(04) දිනයේ අපේ රටේ 74 වන නිදහස සමරන්න ආණ්ඩුව විශාල යෝගයකින් උනන්දුවකින් කටයුතු කරනවා. ගිය අවුරුද්දේ 73 නිදහස සමරන වෙලාවේ එය අමතලා ජනාධිපතිතුමා කිව්ව ප්‍රකාශ පුවත්පත් වල සදහන් වුණා එය බැදුම්කර වංචාකරුවන්ට, පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට නීතියෙන් සමාවක් නැහැ කියලා. එතකොට අපිට අහන්න වෙනවා ගෙවුණු වසරක කාලය තුළ බැඳුම්කර වංචා කරුවන් ඇල්ලුවද ?පාස්කු ප්‍රහාරකයින් ඇල්ලුවද? කියලා . නැහැ , ඒ වගේම තවත් පත්තරේක තියෙනවා පුද්ගලික හෝ ව්‍යාපාර අවශ්‍යතා ඉටුකර ගැනීමේ පටු චේතනාවෙන් මට සහාය දුන් අය සතුටු කරන්න යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ගජ මිතුරන්ට දොළ පිදේනි දෙන්නේ නැහැ කියන එකයි. ගිය අවුරුද්ද ඇතුළත එහෙම වෙලා තියෙනවද, එම නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන ගිය අවුරුද්දේ නිදහස් දවසේ දුන්නු පොරොන්දු එකක්වත් ඉටු කරලා නැහැ .මේ අවුරුද්දක කාලය තුළ පාස්කු ප්‍රහාරකයින් අල්ලලා නැහැ, ගජ මිතුරන්ට දොළ පිදේනි දීම නතර කරලා නැහැ, මහබැංකු හොරු අල්ලලත් නැහැ. ඒ වෙනුවට එක දෙයක් වෙලා තියෙනවා ඒ දුන්නු පොරොන්දු ඔක්කොම පොත් පිංචක් තිබුණා සෞභාග්‍යය දැක්ම කියලා ඒකෙ පොරොන්දු ඔක්කොම කඩ කරපු එක තමයි ගෙවුනු අවුරුද්ද තුළ කරල තියෙන්නේ.
ඒ විතරක් නෙමෙයි ගෙවුණු අවුරුද්දේ අපේ රට ලෝකයේ හිඟාකන රටක් , බංකොලොත්භාවයට පත් වන රටක් බවට පත් කරපු එක තමයි කරලා තියෙන්නේ. ගිය අවුරුද්ද ඇතුලත ගොවියට පොහොර ටික නැති කළා ධීවරයාට භූමිතෙල් නැති කළා, ජනතාව බඩගින්නේ තියපු එක විතරක් නෙමෙයි ජනතාව අඳුරේ තියෙන්නත් ආරම්භ කරලා. ඒ නිසා ඉතාම පැහැදිලිව කියනවා හෙට දවසේ නිදහස් උත්සවය සමරන්න කොළඹ නගරයේ පාරවල් වහගෙන සතියක් තිස්සේ වීර සෙබළුන්ව අව්වේ පෙළපාලි යවමින් පුරුදු පුහුණු කරනවා. මේ වගේ දුප්පත්, ණය බරින් මිරිකිච්ච, ජනතාව බඩගින්නේ තියපු ,ජනතාව අඳුරේ ඉන්න රටක ගොවියන්ට පොහොර නැති, දරුවන්ට කිරි පිටි නැති පෙදරේරුවන් ට සිමෙන්ති නැති රටක ධීවරයන්ට තෙල් නැති රටක මිනිසුන් නොමරා මරන රටක මෙවැනි කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා මේ වගේ ලොකු තමාස එකක් දාන්න ඕන ද ?එය උත්තමාචාර ගන්න හදන්නෙ පවුලේ අයට. ඉස්සරහා පේලියේ ඉන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ,ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ , ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ එක පවුලක මහන්තත්ත කමට තමයි බංකොලොත් රටක ණය බරින් මිකිරිච්ච රටක මේ වගේ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා මේ වගේ වැඩක් කරන්නේ . නිදහස් උත්සවය පටන් ගන්න එය අභිමාණවත් සමරන්න ඕන ඒ ගැන කිසිම තර්කයක් නැහැ නමුත් ඒක කෝවිඩ් ව්‍යාප්ත වෙලා තියෙන වෙලා බංකොලොත් වෙලා තියෙන වෙලාවේ මෙච්චර ලොකු එකක් කරන්න ඕනද කියන එක පැහැදිලිව අහනවා.
ගිය වසරේ නිදහස් උත්සවයේ දී දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතිව මේ අවුරුද්දේ ඇවිත් තව ටිකක් පච කියන්න මේ වගේ ගාණක් වියදම් කරන්න ඕනද කියලා අපි අහනවා. ඒ නිසා අපි අද පැහැදිලිව කියන්න කැමතියි මේ කරනවා කියපු එක වැඩක්වත් නොකෙරුවාට ඇමැතිවරුන්ගෙන් ළමයි පිස්සු කෙලිනවා. සමහර ඇමතිවරු උසාවියෙන් හොයන අයව v.i.p. පර්යන්තයෙන් ලංකාවට ගේනවා. සියලුම දූෂිත ගනුදෙනු ටික සිදුවෙමින් පවතිනවා. අපේ රට එක එක රටවල් වල කෙළිබිමක්, දඩ බිමක් බවට පත් කරන් ඉන්නා බව.
ආණ්ඩුව ඇතුළේ ඉරිතැලීම් බෙදීම් ඇවිත් ඒගොල්ලො ගහගන්නවා මේ තුලින් ජනතාව පීඩාවට පත්වෙනවා තෙල් ඇමති එකක් කියනවා විදුලිබල ඇමති තව එකක් කියනවා. මේ නිසා පිස්සු කෙලින මඤ්ඤං රාජ්‍යක් බවට මේක පත් කරලා තමයි අර වගේ උත්තමාචාර තියන්නේ. අපි දැකලා තියෙනවා දකුණු අප්‍රිකානු ණය බරින් මිරිකිච්ච දුප්පත් රටවල් සෝමාලියාවෙත් මේ වගේම කරනවා උගන්ඩාව, zambia මේ වගේ කරනවා එහෙම තැනකට තමයි මේ රට පත් කරලා තියෙන්නේ .මම පැහැදිලිව කියනවා ආණ්ඩුවට කිසිදු යුක්ති සහගත හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ මේ වගේ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා එකක් දාන්න.