29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedනීතිවිරෝධි දඩමස්,මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නීතිවිරෝධි දඩමස්,මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

රක්ෂිතයට ඇතුළු වී සතුන් දඩයම් කල පුද්ගලයින් පස් දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය මහඔය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.එම්.සී.බී. අත්තනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) මහඔය පොලිස් වසමේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ඔමුණුගල කැළැ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර රක්ෂිතයට ඇතුළු වී බලපත්‍ර නොමැති මෙරට නිපදවන ලැබු වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක් ආධාරයෙන් සතුන් දඩයම් කිරිම සහ දඩමස් ලග තබා ගැනිමේ වරදට ඉරාසතුරෛ නගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25,29,29,34,35 වයසේ පසුවන පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පනිජ්ජාඔය වනජීවී කාර්යාලය වෙත භාර දී ඇත.

එහිදි වල් ඌරු මස් කිලෝ ග්‍රෑම් 22 යි,මුව මස් කිලෝ ග්‍රෑම් 25 යි, වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක්,පිහි 02යි,ඊයම් පතොරම් 13 ක් හා විදුලි පන්දම් 05ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මිට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදි වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් ඇඳ සිටි ඩෙනිම් කලිසමේ ඉදිරි සාක්කුවේ මුදල් නෝට්ටු කිහිපයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. තලවකැලේ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි විෂ මත්ද්‍රව්‍ය වන හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි වරදට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි ප්‍රවාහනය කරමින් ජාවාරමේ යෙදි සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන අයකු අත්අඩංගුවට ගෙන ඇත. අක්කරපත්තුව කඳවුරේ නිලධාරි පිරිසක් මෙරට නිෂ්පාදිත බෝර 12 පතුරම් යොදන නීති විරෝධි ගිනි අවියක් අත්අඩංගුවට ගෙන තිබේ.

කල්මුණේ කඳවුරේ නිලධාරි පිරිසක් ක්‍රිස්ටල් මෙතපටමයින් නොහොත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09යි, මිලිග්‍රෑම් 290ක් ළඟ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කල්මුණේ නිලධාරි පිරිසක් ක්‍රිස්ටල්මෙතපටමයින් නොහොත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 690ක් ළඟ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වව්නතිව් කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි ලෙස බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් සින්නකාට්ටමඩු ඇළ තුලට ටිපර් රථයක් බස්සවා වැලි කැණීම් කර පටවමින් සිටි අයකු අදාල ටිපර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත. දෙනියාය කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කළ වැලි කියුබ් එකක් පටවන ලද ටිපර් රථයක් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත. කතරගම කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් (කසිප්පු) ගෝඩා හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වතුකොළකන්ද උප කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරි කණ්ඩායමක් වියළි ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.මාන්කුලම් කඳවුරේ නිලධාරි පිරිසක් අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවි බලපත්‍ර නැතිව වැලි කැණීම් කර ප්‍රවාහනය කරමින් සිටි තිදෙනකු ට්‍රැක්ටර් රථ තුනක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් මුවෙකු මස් කර එම මස් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරි පිරිසක් පර්චස් 25ක පමණ ප්‍රමාණයක පවත්වාගෙන ගිය නීති විරෝධි ගංජා හේනක් සැකකරුවන් නැතිව අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments