විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක ගයනාත් සංජීව අත්තනායක රචිත මානවයාගේ සම්භවය සහ ආරක්ෂාවේ උපයෝජනය සිට ලාංකීය ඉතිහාසයේ විවිධ සිද්ධීන් අළලා සිදු කෙරුණු පර්යේෂණාත්ම කෘතියක් වන ‘’පුරාතන අංගාරක්ෂාවෙන් නූතන ප්‍රභූ ආරක්ෂාවට’’ යන කෘතිය දොරට වැඩුම පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
ඔහු විසින් රචිත මෙම කෘතිය මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වෙත පිළිගැන්වූ අතර මෙම අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පින්නවල සංඝසුමන හිමි, වැල්ලවත්ත වේලුවනාරාමාධිකාරි හක්මන නන්දාලෝක හිමි මහජන ආරක්ෂක අමාත්යාං ශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා හා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්යක පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර ඇතුළු පිරිසක් සහභාගි වුහ.