25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්විපක්ෂය ගොඩනැගු තර්කය වනුයේ මෙම වසංගතය රජයට පාලනය කර ගැනීමට නොහැකි වන...

විපක්ෂය ගොඩනැගු තර්කය වනුයේ මෙම වසංගතය රජයට පාලනය කර ගැනීමට නොහැකි වන බවය. විවිධ මත ඉදිරිපත් කළ විපක්ෂය අද කට උත්තර නැති වෙන තත්වයට පත්වෙලා තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්රිව ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්,
“කොරෝනා වසංගතය ලෝක මට්ටමෙන් දරුණු විදිහට පහුගිය කාලයේ ව්යා ප්ත වෙමින් තිබිලා අද වෙනකොට අපේ රට මේ වසංගතය හමුවේ ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳව අපි ඉතාමත් සෑහිමකට පත්වෙන බව කියන්න ඕන. විපක්ෂය පහුගිය කාලයේ අපේ ජනතාව තුළ භයානක තත්වයක් ඇති කරන්න හැදුවා. විපක්ෂය ගෙනගියපු එක්තරා විදිහේ කඩාකප්පල්කාරි ක්‍රියාවලියක් ලෙස එය අපි හදුන්වන්නේ. වෘත්තිය සමිති භාවිතා කරමින් මේ ක්රිපයාවලි දිගින් දිගටම කළා. මේ වසංගතය රජයට කළමණාකරණය කර ගැනීමට නොහැකි බව ප්‍රකාශ කරනවා. නමුත් මෙහිදි රජය ඉතාමත් කල්පනාකාරිව මේ වසංගතය පාලනය කිරීමට ක්‍රියා කරපු අයුරු අද වෙද්දි හොඳින් පේනවා. අද වෙනකොට රට සුවපත්භාවයට ඇවිල්ලා අපට තිබෙන ප්රශබලම අර්බුදයට විසඳුම් හොයන තත්වයට ඇවිල්ලා තිබෙනවා.

මේ කටමැත දොඩවන විපක්ෂය මහජනතාව ඉච්ඡාබංගත්වයට පත් කරලා රට ආරාජික කරන එක තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වි තිබෙන්නේ.
මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවුරුදු 30 ක සාපලත් යුද්ධයේ ජයග්රහහණය කිරීමේ වගකීමයි තිබුණේ. ඒ නිසා ඔහුට නිෂ්පාදන ආර්ථිකයට වඩා බර තැබීමට සිදුවුණේ යුද්ධය ජයග්රකහණය කිරීමයි. ඒ නිසා 2010 දක්වා ඔහු ඒ අරගලයේ යෙදි සිටියා. නමුත් පහුගිය 05 තිස්සේම එකදු මෙගාවොට් එකක්වත් නිෂ්පාදනය කරන්න, බලශක්තිය උත්පාදනය කරන්න ක්රි යාවලියකට ඔවුන්ට යොමුවීමට හැකියාව ඇති වුණේ නෑ. මේ නිසා පහුගිය කාලයන් තුළ අපේ බලශක්තිය ගොඩනැගීම වෙනුවෙන් සැලසුම් සකස් කරන්න සිදු වුණා. අතිගරු ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්රුකාශ කරන්නට යෙදුණා ඉතා වැදගත් සංකල්ප ගණනාවක් සිය සෞභාග්ය‍ දැක්ම ප්රමකාශය තුළින්. මෙම වැදගත් සංකල්ප ගණාවක් එක්කයි රජය බලයට ආවේ. නමුත් අපි හැමෝම දන්නවා මේ වසංගතය හමුවේ අවුරුදු 02 ක් තිස්සේම අතිගරු ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ මේ රට පෙළ ගසලා තිබුණු පාරිභෝජනවාදි ආර්ථිකය වෙනස් කරගන්න හැකි වුණේ නෑ. මේ කොරෝනා වසංගතය තුළ රට වසා දමා තිබු කාලයන් තුළ අපට වියදම් ශීර්ෂ ගණනාවක් එනවා. විදේශ ආයෝජන අඩුවීම, විදේශ ප්රේතෂණවල ප්රශමාණය අපිට බරපතලව අඩු වුණා. අපිට විදේශ සම්පත් පිළිබඳව අර්බුදයක් සහ මූල්යද අංශයේ අර්බුදයක් හටග්තතා. මේ නිසා අපට විදේශ විනිමයේ අය මාර්ග තුනම ඇහුරුණා. අපිට ඉතාමත් පරිස්සමෙන් තමයි කටයුතු කරන්න සිදු වුණේ. අතිගරු ජනාධිපතිතුමා දූරදර්ශීව කල්පනා කරමින් සීමාකම් පනවමින් රටේ විදේශ සම්පත්වල ප්රතමාණය රටේ මහජනතාව සුවපත් කිරීම, ජිවත් කිරීම වෙනුවෙන් තමයි එතුමා පෙලගැස්සූවේ.

මේ කොරෝනා වසංගතය නිසා ලෝකයේ හැම රටකම සැපයුම් ජාල බිඳ වැටීම හටගත්තා. මේ වසංගතය නිසා කම්හල්වල කම්කරුවෝ සේවා නියුක්තිකයෝ පැමිණියේ නෑ. ඒ නිසා ඕස්ට්රේනයාවලියාව, නවසීලන්තය කිරි පිටි නිෂ්පාදනය කිරීම සහ අපනයන කිරීම සීමා කරන්න සිදු වුණා. ඒ නිසා ශ්රීව ලංකාවට කිරිපිටි ලැබෙන ප්රයමාණය සීමා වෙන්න ගත්තා. මේ සැපයුම් දාමය කළමණාකරණය කර ගැනීමට බොහෝ දෙනා කටයුතු කරනවා. ඒ වගේම ඒ සඳහා සමගිජන බලවේගයේ නායකයෙක් හරි ජාතික ජනබලවේගෙයේනායකයෙක් හරි පත්කිරීම තුළින් මේ සැපයුම් දාමය කළමණාකරණය කිරීම වහා වහා සිදුවන බව තමයි ඔවුන් උදම් තනන්නේ. මේ වගේ අපූරු මිත්යා මතවාද දොඩවන විපක්ෂයට අපි කියන්න ඕන මේ රටේ මහජනතාව කොන්ඩේ බැඳපු චීන්නු නොවන බව.

යහපාලන සමයේ එනම් 2017 අංක 24 දරණ පනත නිසායි අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල බදු ගණනය කිරීමට යටත්වී තිබෙන්නේ. සංශෝදන අවස්ථාවේදී අපි මේවා අයින් කරනවා. අතිගරු ජනාධිපතිතුමා ප්රබමුඛ රජය මහජනතාවගේ පැත්තේ සිට මේ ප්රයශ්න විසදන්නේ.මුදල් ඇමතිතුමා ප්රාතිඥාවක් ලබාදිලා තිබෙනවා මේ අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල මේ අධිභාර බද්දේන් ඉවත් කරන බවයි.
අද වන විට තෙල් පිළිබඳව ගැටලුවක් ඇතිවෙලා තිබෙනවා. තෙල් පිළිබඳව ගැටලුවක් ලෝක පරිමාණව ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම ශ්රී ලංකාවට මේ වන විට ලැබිලා තිබෙන තෙල් නැව් 03 ක ගැටලුවක් පහුගිය කාලයේ ඇතිවෙලා තිබුණා. නමුත් අතිගරු ජනාධිපතිතුමා ඊයේ ප්රාකාශ කරන්නට යෙදුණා ඒ සම්බන්ධයෙන් අදාළ විනිමය මුදල් මහබැංකුව හරහා ලබා දෙන්න කියලා. ඒ අනුව අප රජය තෙල් පිළිබඳව ගැටලුවකින් තොරව යම් යම් සීමාකම් ඇති වුණත් එම ගැටලු විසඳිම වෙනුවෙන් රජය ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා.

ආචාර්ය හර්ෂ ද සිල්වා මේ මහජනතාව තුළ ඇති කරන්න හදන ජුගුප්සාව මා හිතනවා ජාතිය හෙළා දකින කාරණයක් විය යුතුයි. අප රජයෙන් පස්සේ එළඹෙන ඕනෑම රජයකට අප මේ රජය භාර දෙන්නේ ආර්ථික වශයෙන් ඉතා පැහැදිලි තත්වයක් ඇති කරලා කියලා කියන්න ඕන. මේ අර්බුදකාරි අවස්ථාවක වුණත් අපි මේ ආර්ථිකය කළමණාකරණය කර ගන්නවා කියන්න ඕන. අපි කිසිසේස්තම ණය පැහැර හැරීම්වලට යොමුවෙලා නෑ. පහුගිය අවස්ථාවලදී පිරිස් කිව්වා ජනවාරි 18 වන විට ණය ගෙවන්න වෙන්න බැරි වෙනවා කියලා. රට බංකොලොත්භාවයට පත්වෙනවා කියලා. නමුත් අපි ඒ ණය ගෙවා දැමුවා.
ඒ වගේම මේ දවස්වල මාධ්යම මිතුරන්ට ප්රමහාර එල්ල කරන ඒවා වැඩි වැඩියෙන් සිදු වෙනවා. අපි ඇත්ත වශයෙන්ම අතිශය කණගාටුවට පත්වෙනවා හිරු නාලිකාවේ චමුදිත සමරවික්රඒම මැතිතුමාට එල්ල කරපු ඒ වැරදි ක්රිායාවලිය පිළිබඳව. අපි දැඩි ලෙස ශ්රීම ලංකා පොදුජන පෙරමුණ විදිහට හෙළා දකිනවා. මේ වගේ තත්වයන් උදා වන්නේ මාර්තු මාසයේදී. ඒ මානව හිමිකම් කොමිසම රැස්වෙන නිසා. ඒ මාර්තු මාසයේදී මානව හිමිකම් කොමිසම රැස්වෙන විට ඒ අයට කියන්න හදන්නේ,මාධ්ය්වේදීන්ට පහර දෙනවා කියා ඔවුන්ගේ අනුකම්පාව දිනාගැනීම වෙනුවෙන් කටයුතු සිදු කරන්නයි.
අපි රජයක් විදිහට මේ රටේ හෙට දවසේ අනාගත සාර්ථකව කරගෙන යාම සඳහා අපේ වැඩකටයුතු අපි සිදු කරනවා.”

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා අදහස් දක්වමින්,
“ අපි රටක් විදිහට අපි බරපතල අර්බුද ගණනාවකට මේ වෙද්දි සිරවෙලා ඉන්නවා. මෙය අපිට විතරක් පොදු වූ කාරණයක් නොව. නමුත් විපක්ෂය අද ජනතාවට යම් මතයක් ගොඩනගන්න උත්සහ කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්රදමුඛ රජයේ වැරැද්ද තුළ තමයි මෙය සිදු වුණේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට භාරගනිද්දි ලෝකය පුරා පැතිරිච්ච වසංගත තත්වයත් එක්ක තමයි මේ රට භාර ගත්තේ. ලෝකයේ ඉතාමත් පුංචි ආර්ථිකයක් හිමි රටක් අපේ රට. එතනදි අපිට අර්බුද ගණනාවකදි මුහුණ පාන්න සිදු වෙනවා. එහෙත් ජනාධිපතිතුමා විශේෂයෙන්ම මුලින්ම තෝරාගත්තේ රටේ ජනතාවගේ ජිවිත ආරක්ෂා කිරීමේ වගකීමයි. එතුමා එය භාරගෙන මේ රටේ ජනතාවගේ ජිවිත ආරක්ෂා කරමින් ඉන්පසුව සංවර්ධන කටයුතු සඳහා මේ රටේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා අවශ්ය් වැදගත් තීන්දු තිරීණ ගනිමින් ඉන්නවා වගේම ක්රිියාත්මක කරමින් සිටිනවා.
අනුර කුමාර දිසානායක මහතා, සජිත් ප්රේතමදාස මහතා පාර්ලිමේන්තු දවසම විනාශ කරනවා. මේ අවස්ථාවේදී ජාතික වශයෙන් අපි සියලුදෙනා එකතුවෙන්න ඕන කාරණයක්. නමුත් විපක්ෂයෙන් ඒ සහයෝගය ලැබෙන්නේ නෑ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments