22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedසහල් මිල රුපියල් තුන්සීයට ගෙන යනවා කියපු වැඩ පිළිවෙල කවදාවත් මේ මහා...

සහල් මිල රුපියල් තුන්සීයට ගෙන යනවා කියපු වැඩ පිළිවෙල කවදාවත් මේ මහා පොළවේ යථාර්තයක් කරන්න අපි ඉඩතබන්නේ නැහැ යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (02) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය……අපේ අමාත්‍යාංශය පිළිබඳ යම්යම් මාධ්‍යවල පලවී තිබු අසත්‍ය හා ද්වේෂ සහගත දේවල් ගැන කරුණු කිහිපයක් අවධානයට ලක් කළ යුතුයි. සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයට ඇතිකරගත් ගිවිසුමක් අනුව ආනයන මේ දක්වා සිදුවු අතර මේ දිනවල ඇතැම් මාධ්‍යවල පලවි තිබුණා මේ සහල්වලට වැඩි මුදලක් ගෙවන බව. ඒ අනුව මියන්මාර් රජය හරහා එම තානාපති කාර්යාලය හරහා පැහැදිලි කිරීමක් ලිඛිතව එවා තිබෙනවා. සහල් මිල තමයි නිල වශයෙන් දක්වලා තිබෙන්නේ. මියන්මාර්වල පරණ පුවත්පතක පලවු සහල් මිල තමයි නිල වශයෙන් දක්වලා තිබෙන්නේ. එෆ්.ඕ.බි. මිල තමයි දක්වලා තිබෙන්නේ. ඒ මිලට නැව් ගාස්තු, රක්ෂණ ඇතුළත් නැහැ. එමෙන්ම කොවිඩ්19 වසංගතත සමයෙන් පසු නැව්ගාස්තු හා රක්ෂණ හා කන්ටේනර් ගාස්තු ඉහල ගොස් තිබෙනවා. ඒනිසා ඒවා කිසිවක් නැති ඒ රටේ සහල් මිල තමයි එහි දක්වලා තිබෙන්නේ. ඒ නිසා ඕනෑම කෙනකුට පැහැදිලිව බලාගන්න පුළුවන් මියන්මාර්වල සහල්වල පවතින මිල පිළිබඳ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ වෙබ් පිටවුට ගියාම එහි මිල ගණන් බලාගන්න පුළුවන්. ඒ නිසා සී.අයි.එෆ්. මිල, රක්ෂණය හා ගැල් කුලිය හා නැව්ගාස්තුත් ඇතුළත් මිල තමයි මෙහි සඳහන් කර තිබෙන්නේ. ඒ මිලත් අපි කැබිනට් මණ්ඬලයට අනුමත කළ මිලට වඩා අඩුමිලකට තමයි මියන්මාරයෙන් සහල් ආනයනය කරන්න තීරණය කර තිබෙන්නේ.

කැබිනට් මණ්ඬලයෙන් සහල් ආනයනය කිරීමේදි මෙට්‍රික් ටොන් එකකට අපි අනුමැතිය ලබාගෙන තිබුණේ ඩොලර් හාරසිය හැටපහ බැගින් ආනයනය කරන බවටයි. නැවතත් අපි තානාපති කාර්යාල හරහා සකච්ඡා කළා මේ මිල තවත් අඩුකර ගන්න. ඒ සඳහා මම මැදිහත්වුණා එහි ප්‍රතිඵලයක් ලෙස මෙට්‍රික් ටොන් එකක් ඩොලර් හාරසිය හතළිය දක්වා අඩුකෙරුණා. ඒ නිසා කැබිනට් මණ්ඬලයේ ඩොලර් හාරසිය හැට පහට ගන්න අනුමතවු දෙයක් තමයි අපි ඩොලර් හාරසිය හතළියට අරගෙන තිබෙන්නේ. ඒ මියන්මාර් රජය තානාපති කාර්යාලය හරහා සිදුකර තිබෙන පැහැදිලි කිරීම බලන්න කියා මම ආරාධනා කරනවා.

සහල් ආනයනය රජය කැමැත්තෙන් කරන දෙයක් නොවේ.ඉතිහාසයේ පුරාම කොවිඩ්19 වගේ වසංගතයක් නැතිව තිබෙද්දි පොහොර ප්‍රශ්න වෙනත් කිසිම ප්‍රශ්නයක් නොමැතිව ඉතා විශාල ලෙස රටතුල විශාල ලෙස වගා කෙරෙද්දීත් ලංකාව පුරාවටම සහල් ආනයනය කර තිබෙනවා. පසුගිය රජය යටතේ 2017 වසරේදි සහල් මෙට්‍රික් ටොන් හත්ලක්ෂ හතළිස් පන්දහසක් ආනයනය කර තිබෙනවා. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන තුන්සිය එකක් වැය කර තිබෙනවා. 2018දී සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතළිස් නව දහසක් ආනයනය කර තිබෙනවා. ඒ සදහා අමෙරිකානු ඩොලර් මිලියන් එකසිය හතක් වියදම් කර තිබෙනවා. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වු වහාම ගත් එක තීන්දුවක් තමයි මේ රටේ නිෂ්පාදනය කළහැකි දේවල් රටතුලම නිෂ්පාදනය කරන්න ඕනේ කියන එක. මේ රටේ සම්පත් හා මිනිසුන් කෙරෙහි වැඩිම විශ්වාසය තබපු රාජ්‍ය නායකයා ලෙස සහල් ආනයනය තහනම් කෙරුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි 2019 සහල් ආනයන කරලා තිබෙන්නේ මෙට්‍රික් ටොන් විසිහතර දහසයි. 2020දී ආනයනය කරලා තිබෙන්නේ දාහසය දහසයි. මෑත ඉතිහාසය තුල අඩුවෙන්ම සහල් ආනයනය කරලා තිබෙන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුකාලයේදීයි විසිහතර දහස හා දහසය දහස. යහපාලන රජය ලක්ෂ ගණනින් ආනයනය කරලා තිබෙනවා. නමුත් සහල් මාෆියාව විසින් වෙළෙපොලේ දිගින්දිගටම සහල් මිල වැඩිකරලා සිංහල අවුරුද්ද වෙන විට සහල් කිලෝවක් රුපියල් තුන්සීයට ගෙනයනවාමයි කියලා සපත කරලා තිබුණා කියලා ඔබ දන්නවා. රුපියල් දෙසිය හතළියට දෙසිය පනහට සහල් විකුණන්න පටන්ගත්තා කියල දන්නවා. ඒ නිසා පාරිභෝගිකයා විශාල පීඩනයකට පත්වෙන විට ඊට මුහුණදීම සඳහා තමයි අපි සහල් ආනයනය කළේ. අපි රක්ෂිත තොග පවත්වාගෙන යනවා. මම සතොස මගින් ඉතා හොඳ තත්ත්වයේ සුපිරි සම්බා කිලෝවක් රුපියල් එකසිය විසි අටටත් , නාඩු කිලෝවක් රුපියල් එකසිය පහටත් , කැකුළු හාල් කිලෝවක් රුපියල් එකසිය පහට අලෙවි කරනවා. ඒ මිල අපිස්ථාවරම පවත්වාගෙන යනවා මේ වර්ෂය පුරාවටම.

මම මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා මොන ප්‍රශ්නය ඇති වුණත් නැව්ගාස්තු , කන්ටේනර් ගාස්තු වැඩිවුණත් ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවුණත් මේ වර්ෂය අවසන් වන තෙක් සතොස මගින් සම්බා සහල් කිලෝවක් රුපියල් එකසිය විසිඅටකටත්, ඇතැම් අවස්ථාවලදි එය තවත් අඩුකළ හැකියි. නඩු කිලෝවක් ,කැකුළු කිලෝවක් රුපියල් එකසිය පහක්ටත් අලෙවි කරනවා. සතොස නැති ස්ථානවල අපි 1998 දුරකතන අංකයට කතාකොට මෙම භාණ්ඩ නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. ඒ සඳහා අතිරේක වියදමක් යන නිසා ඊයේ දිනයේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය මට සඳහන් කළා ඉදිරියේදි අවුරුදු සමයවනවිට සමූපකාර ආයතන හරහා සතොස මිලට භාණ්ඩ අලෙවි කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. ඒ අනුව අපි සමූපකාර විසිනුත් තමන්ගේ පාරිභෝගිකයින්ට එම සාධාරණ සේවය සපයන්න කැමතිනම් ඒ සඳහා අවශ්‍ය සහල් තොග ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ නිසා සහල් මිල රුපියල් තුන්සීයට ගෙන යනවා කියපු වැඩ පිළිවෙල කවදාවත් මේ මහා පොළවේ යථාර්තයක් කරන්න අපි ඉඩතබන්නේ නැහැ. මීට පෙර සහල් කුකුළු කෑමවලට ගෙන්වීම නරක්වීම වැනි වංචා නැති කිරීමට පියවර ගෙන තිබෙනවා. ‘

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments