29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධි මත්පැන්, මත්ද්‍රව්‍ය හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ.

නීතිවිරෝධි මත්පැන්, මත්ද්‍රව්‍ය හා වැලි ජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ.

රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට තල්අඩි යුධ හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලැබුණු තොරතුරකට අනුව දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක කේ.ඒ.ඩී.එස්. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) මන්නාරම පොලිස් වසමේ තාරපුරම්, සීසයිඩ් සිටි ඉන්ධන පිරවුම්හල අසල දී වැටලීමක් සිදු කර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 15 ක් සන්තකයේ තබාගෙන සිටි එරුක්කලමිපිඩිඩි, මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ප්‍රධාන කදවුර භාර නිලධාරි වන ජ්‍යෙ.පො.අ. පි.ජේ.සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව පො.ප එච්.පි.එම්.එස්.එච්.කේ.වීරක්කොඩි ඇතුළු නිලධාරින් කණ්ඩායමක් (07) වන මිරිගම පොලිස් වසමේ අංක අංක 7/13/ඒ ඉදිපරපේ, මිරිගම යන ලිපිනයේදි අත්අඩංගුවට ගැනිමක් සිදු කර තිබේ.

එහි දී නිති විරෝධි මත් පැන් සන්තකයේ තබා ගැනිමේ වරදට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මිරිගම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලැබු අතර වැටලීම සිදුකරන ලැබු ස්ථානයේ සිට මිරිගම පොලිස් ස්ථානයට ඇති දුර 02km ක් පමණ වේ.

පො.ප එච්.පි.එම්.එස්.කේ.වීරක්කොඩි, පො.සැ.සැ, 15467 සදරුවන්, පො.කො.කො, 8125 කසුන්, 76370 ප්‍රේමසිරි, 66891 නලින්, පො.කො.රි 14316 දිසානයක යන නිලධාරී වැටලීම සඳහා සහභාගි වූ නිලධාරීන් වෙති.

අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු හතළිස් දෙකක්වු ඉදිපරපේ , මීරිගම පදිංචි අයෙකී.

නිති විරෝධි මත් පැන් 33750ml ක් සැකකරු සන්තකයේ තිබි සොයාගෙන තිබේ.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම් වලදී (06) සංවිධානාත්මක අපරාධ මර්දන 11හි නිලධාරී පිරිසක් කැනබීස් සැටයිවා ඒල් හෙවත් කේරළ ගංජා ග්‍රෑම් 59ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්ද්‍රව්‍ය වන කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව මෙරට නිෂ්පාදිත නීති විරෝධි කොටන තුවක්කුවක් නම ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව එරික්කිලන්කාඩු ආර තුලට ට්‍රැක්ටර් රථයක් ඇතුළු කර වැලි කැණීම් කර පටවමින් සිටි අයකු සමග ඒ් සඳහා යොදාගන්නා ලැබු ට්‍රැක්ටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. වාලච්චේන කඳවුරේ නිලධරී තවත් වැටලීමක් සිදුකරමින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි කැණීම් කරමින් ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීති විරෝධි කේරළ ගංජා ග්‍රෑම් 45ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අරලගංවිල කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීම් හයක් සිදුකර බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි පැටවීමේ වරදට පුද්ගලයින් හය දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර උතුරුපළාතේ ඉලුප්පුකඩවායි කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම කඳවුරේ නිල්ධාරි පිරිසක් මෙන්ඇම්පිටමින් නොහොත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කෑගල්ල කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments