සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන සලිදු මල්ෂිත නොහොත් පානදුර සලිදු නැමැත්තාගේ සමීපතම ගෝලයකු වන දැනට සැඟව සිටින කුරුප්පුමුල්ලේ සංඛ යන අයගේ ප්‍රධාන ගෝලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කලාපය) නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ඩී.එස්. ජයලත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) පානදුර දකුණ පොලිස් වසමේ අංක 140, පාසල් පාර, කුරුප්පුමුල්ල, පානදුර ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
ඒහිදි සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන සලිදු මල්ෂිත නොහොත් පානදුර සලිදු නැමැත්තාගේ සමීපතම ගෝලයකු වන දැනට සැඟව සිටින කුරුප්පුමුල්ලේ සංඛ යන අයගේ පානදුර ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන ගෝලයකු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ හොන්ඩා වර්ගයේ මෝටර් රථයක් හා විවිධ වර්ගයේ බැංකු කාඩ්පත් 08 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පානදුර දකුණ පොලිස් ස්ථානය වෙතද, මෝටර් රථය කොළඹ පොලිස් නීති විරෝධී වත්කම් හා දේපොළ විමර්ශන කොට්ඨාශය වෙත භාර දී ඇත.
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කළාපය) නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ඩී.එස්. ජයලත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) පානදුර දකුණ පොලිස් වසමේ සාන්ත ජෝෂප් කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
හෙරොයින් ග්‍රෑම් 05, මි.ග්‍රෑ. 830 ක් හා මුදලින් රුපියල් 50,000.00 ක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.