පෝලන්තයේ කැරොලිනා බියලොවිස්කා මෙවර රූ රැජින කිරුල දිනා ගත්තාය.
ඒ පුවටෝරිකෝ රාජ්‍යයේ පැවැති හැත්තෑවන ලෝක රූ රැජින තරඟාවලියේදීය.
ඉකුත් වසරේ දෙසැම්බර් (16) පැවැත්වීමට නියමිතව තිබ 2021 ලෝකරූ රැජින තරඟවලිය (16) දක්වා කල්දැමීමට සිදුවූයේ කොවිඩ්19 වසංගතය නිසාය. ඒ අනුව පුවටෝරිකෝ රාජ්‍යෙය් සැන් ජුවාන් අගනුවරදි 70වන ලෝක රූ රැජින තරඟවලිය පවත්වා තිබේ.එහිදි රටවල් අනුහතක තරඟකාරියන් අතරින් කිරුළ හිමි කර ගැනීමට සමත්වූයේ පෝලන්තයේ කැරොලිනා බියලොවිස්කාය.
ඇය 23 හැවිරිදි වියේ පසුවන අතර කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරමින් සිටින අතර නිරුපිකාවක් ලෙසත් කටයුතු කරයි. මෙවර ලෝක රූරැජින තරඟාවලියේ පළමු අනු ශූරතාව අමෙරිකාවේ ශ්‍රී සියැනි හිමිකර ගත්තාය. ඉන්දියානු සම්භවයත් ඇති ඇය විසිහය වෙනි වියේ පසුවෙයි. දෙවන අනුශූරතා හිමිවුණේ අයිවරි කෝස්ට් රාජ්‍යයේ ඔලිවියා යාස්ටය.