25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsතීරු බදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලැබු රුපියල් මිලියන 280 ක්...

තීරු බදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලැබු රුපියල් මිලියන 280 ක් වටිනා දුම්වැටි තොගයක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

තීරු බදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලැබු රුපියල් මිලියන 280 ක් වටිනා තීරු බදු රහිතව ගෙන්වන ලද විශාලතම දුම්වැටි තොගය විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපාරාධ මර්ධන I නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී ඩී.පී.යූ. කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I ස්ථානාධිපති ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු ශ්‍රී ලංකා රේගුවෙන් ව්‍යාජ ලෙස මුදවා ගත් දුම්වැටි බහාලුම් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සඳහා එකම වර්ගයේ එකම වර්ණයෙන් යුත් එකම ලියාපදිංචි අංක තහඩු සවිකරන ලද බහාලුම් රථ 02 ක් යොදාගෙන ඇති අතර රෙදි පිලි ආනයනය කිරීමේ අවසර පත්‍ර සහිත බහාලුම් රථයක් පරික්ෂාවට ලක් කරන අතරතුර එම රථයට සමාන අනෙක් රථය යොදාගෙන ව්‍යාජ ලෙස දුම්වැටි සහිතව රේගු පරිශ්‍රයෙන් පිටතට පැමිණ ඇත. ඉතාම සූක්ෂම ලෙස සිදුකරගෙන යන මෙම දුම්වැටි ජාවාරම දැඩි පරිශ්‍රමයක් හා දීර්ඝ කාලීන බුද්ධි තොරතුරු පදනම් කරගෙන මෙම වැටලීම සිදුකර ඇත. බහාලුම් රථයේ දුම්වැටි ඇසුරුම් ලක්ෂ 02 ක තිබු දුම්වැටි ලක්ෂ 40 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්වැටි තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 280 ක් පමණ වේ. තීරු බදු රහිතව ගෙන්වන ලද මෙම දුම්වැටි මගින් ශ්‍රී ලංකා රජයට අහිමි වන බදු මුදල රුපියල් මිලියන 200 කට අධික වේ.
වයස අවු. 29 ත් 48 ත් අතර සැකකරුවන් 05 ක් දුම්වැටි තොගය සමග අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments