නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක පී.එම්. කාරියප්පෙරුම ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) මිදිගම පොලිස් වසමේ පාතේගම – කෝන්පාවල මාර්ගයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි වැලිගම පන්සල් වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිදිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. එහිදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි, මත්ද්‍රවය ජාවාරමේන් උපයන ලද රුපියල් 7,000ක මුදලක් අත්අඩංගුවට ගෙන ඇත.