26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි ලෙස මුහුදු මගින් ඔ්ස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි 19දෙනකු පොලිස්...

නීති විරෝධි ලෙස මුහුදු මගින් ඔ්ස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි 19දෙනකු පොලිස් අත්අඩංගුවට.


කලවංචිකුඩි හා පානම අතර මුහුදු ප්‍රදේශයේදි නීතිවිරෝධි ලෙස ධීවර යාත්‍රාවකින් ඔ්ස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි කාන්තාවක් සහ අවුරුදු 12ළමයෙකු ඇතුළු 19 දෙනකු ත්‍රිකුණාමලය තිස්ස කඳවුරේ නාවික හමුදා නිලධාරීන් ඔවුන් භාරයට ගෙන වැඩිදුර විමර්ශනය කටයුතු සඳහා (19) ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කොට ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 12ත් 45ත් අතර වයස් කාණ්ඩවල පසුවන උප්පුවේලි, යාපනය,මඩකලපුව,වව්නියවා,ත්‍රිකුණාමලය හා නිලාවේලි ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

සැකකරුවන් (20) ත්‍රීකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ත්‍රීකුණාමලය වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments