නීති විරෝධීව තීරුබදු නෙගෙවා මෙරටට ආනයනය කරනු ලැබු රජයේ අවවාදයමය රුප සටහන් නොමැතිව අලෙවිය සඳහා සූදානම් කර තිබූ විවිධ වර්ගයේ රුපියල් හතලිස් පන්ලක්ෂ පනස්දාහකට අධික වටිනාකමින් යුත් දුම්වැටි 65,000ක තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකක II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) මහබාගේ පොලිස් වසමේ අංක 708, මීගමුව පාර, මහබාගේ, වත්තල ලිපිනයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ආනයනය කර රජයේ අවවාද රුප සටහන් නොමැතිව අලෙවිය සඳහා සූදානම් කර තිබූ විවිධ වර්ගයේ දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහබාගේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් දුම්වැටි වල වටිනාකම රුපියල් හතලිස් පන්ලක්ෂ පනස්දාහකට අධික වටිනාකමින් යුතු වෙි (45,55000ක්)
MANCHESTER LIGHTS RED වර්ගයේ දුම්වැටි 37,000,MANCHESTER LIGHTS වර්ගයේ දුම්වැටි 9,600,MANCHESTER BLUE MIST FUSION වර්ගයේ දුම්වැටි 4,600 යි,DOUBLE APPLE වර්ගයේ දුම්වැටි 4,000,RED BERRY FUSION වර්ගයේ දුම්වැටි 3,200,ICE CRUSH වර්ගයේ දුම්වැටි 5,800,AMHER CRUSH FUSION වර්ගයේ දුම්වැටි 4,800 ක් අත්අඩංගුවට ගෙන ඇත.