ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගෙන වැඩිමිලට අලෙවිකරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් (22) රටපුරා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.
පුද්ගලයින් බූලිවලට, විවිධ භාජනවලට දමාගෙන ගොස් විවිධ ස්ථාවල තබාගෙන වැඩිමිලට අලෙවිකිරීම් සම්බන්ධයෙන් තොරතුරු ලැබි තිබෙන බැවින් මෙම වැටලීම් සිදුකිරීම සිදුවේ. 1979 අංක34 දරණ ඛනිජ තෙල් නිෂ්පාදනය, පාලනය,නියාමනය හා සැපයීම යන පනත යටතේ මේ ආකාරයට ඉන්ධන ළඟ තබාගැනීමත් අලෙවිකිරීමත් , ජාවාරම් කිරීම වරදක්.එම පනතේ 10වන වගන්තිය යටතේ පෙට්‍රල් බලධාරියකුගේ බලපත්‍රයක් නැතිව අලෙවි කිරීම වදරක්. එමෙන්ම එහි 15 වන වගන්තිය යටතේ නිසි බලධාරියෙකුගේ අවසර නැති ළඟ තබාගැනීමත් වදරක්.
එම පනතේ 19 හා 37වන වගන්ති අනුව ඩීසල් ළඟ තබාගැනීම හා අලෙවි කිරීමද වරදක්. මේ සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ බලධාරීන්ගේ සහයෝගය ලබා ගන්නවා. දැනටමත් ඉන්ධන හල්වල අසල පොලිස් නිලධාරින් යොදවා තිබෙනවා ඒ්වයේ ආරක්ෂක කටයුතු සඳහා. මෙවැනි දේ සිදුකර ජනතාවට තවත් අපහසුතාවයට පත් කරන්න එපා යැයි ඉල්ලීමක් කරන බව තල්දූව මහතා වැඩිදුරටත් කීවේය.