29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අත්‍යාවශ්‍ය සේවා වුවත් හුදෙකලා කළ ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට රැකියාට යාමට අවසර නැහැ

අත්‍යාවශ්‍ය සේවා වුවත් හුදෙකලා කළ ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට රැකියාට යාමට අවසර නැහැ

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින ජනතාවට එම ප්‍රදේශ යළි යථාතත්ත්වයට පත්ව ඇති බවට දන්වනතුරු සිය රැකියාවන් සඳහා පිටත්ව යැමට අවසර හිමිනොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින අත්‍යාවශ්‍ය සේවා කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින්ට වුවද සිය රාජකාරී ස්ථාන කරා යාමට අවසර හිමි නොවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අද සවස පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

” ඔබ අත්‍යාවශය සේවාවලට සම්බන්ධ පුද්ගලයෙකු වුවත් හුදෙකලා කොට ඇති ප්‍රදේශයක සිටිනම් රැකියාවන් සඳහා පිටව යෑමට අවසර හිමිවන්නේ නැහැ. හුදෙකලා කොට ඇති ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළෙදසැල්, අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ අලෙවිසැල් වලට හැකියාව තිබෙනවා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඇණවුම් අනුව ඩිලිවරි පහසුකම් යටතේ ගෙන ගොස් භාර දීමට” නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් සීමා කොට තිබු අධිවේගී මාර්ග පිවිසුම් හෙට අළුයම සිට යලි විවෘත කරන බවද මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියා.

හුදෙකලා කොට ඇති ප්‍රදේශ පහතින් දැක්වේ :

බස්නාහිර පළාත :

මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ පොලිසිය, ආදුරුප්පුවිදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල, කෙසේල්වත්ත යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදෙකලා කොට ඇත.

ඊට අමතරව මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි මෙත්සද සෙවණ සහ මිහිජය සෙවණ, මෝදර ප්‍රදේශයේ පිහිටි රන්මුතු සෙවණ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි මුවදොර උයන, දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි සිරිසර උයන සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි NHS යන මහල් නිවාස සංකීර්ණ වල සිටින ජනතාවට ඉන් පිටතට යෑමට හෝ කිසිවෙකුට ඇතුල්වීමට ඉඩ ලබා නොදෙන බව යුද හමුදාපතිවරයා කියා සිටියා.

ගම්පහ දිස්ත්‍රික්කය : වත්තල, පෑලියගොඩ, සපුගස්කන්ද, කඩවත, රාගම, මිගමුව, පමුණුගම, ජා-ඇල යන පොලිස් බලප්‍රදේශ 

කළුතර : හොරණ, ඉංගිරිය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය 

කුරුණෑගල : කුරුණෑගල මහ නගර සභා පොලිස්බල ප්‍රදේශය 

කුලියාපිටිය : කුලියාපිටිය පොලිස් වසම 

කෑගල්ල : මාවනැල්ල  සහ රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශ 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments