බලපත්‍රයක් තොමැතිව නීති විරෝධීව අනාරක්ෂිත ලෙස පෙටිරල් ගබඩා කර අලවිකල පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැඩ බලන කදවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක කේ.ඒ.ඩී.එස්. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේ කිරණමඩු, මන්නකන්ඩාල් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
වෙළදසැලක් තුල බලපත්‍ර නොමැතිව නීති විරෝධීව වෙිලෙදපල මිලට වඩා වැඩි මිලට පෙට්ට්‍රල් විකිණීම සහ අනාරක්ෂිත ලෙස ගබඩා කරගෙන සිටි පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුදිකුඩිඉරිප්පු පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලිම්වලදි (26) පූගොඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීිතිවිරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ බන්ධනාගාර කඳවුර නිලධාරි පිරිසක් නිල් පැහැති ලයිටරයක් ගුදමාර්ගයේ සඟවාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබා ගැනීමේ වරදට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. අරන්තලාව කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ලෝඩර් රථයකින් ටිපර් රථයකට වැලි පටවමින් සිටි දෙදනකු එම ලෝඩර් රථය හා ටිපර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත. පරයනාලන්කුලම් කඳවුරේ නිලධාරි පිරිසක් රජයේ කැලෑබද ප්‍රදේශයේ බලපත්‍රයක් නැතිව ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු ඒම ටිපර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්ද්‍රව්‍යක් වන ඩයසැටයිල් මොෆින් හෙවත් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. හම්බන්තොට කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් හා නඩු දෙකක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.