21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 45ක් නාවික හමුදා භාරයට.

අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 45ක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව, දකුණු සහ බටහිර මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාර මඟින් එම මුහුදු ප්‍රදේශයන්හි සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් (02)  පුද්ගලයන් 45 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.  

ඒ අනුව, දකුණු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාව මඟින් පුද්ගලයින් 26 රැගත් බහුදින ධීවර යාත්‍රාවක්ද, බටහිර මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි ‍නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් පී 481 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් අද (2022 මැයි 27) පුද්ගලයින් 19 දෙනෙකු රැගත්  බහුදින ධීවර යාත්‍රාවක් ද එම මුහුදු ප්‍රදේශයන්හි සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබියදී මෙලෙස  නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, මුහුදු ගමනකට යෝග්‍ය නොවන තත්වයේ පවතින බව නිරීක්‍ෂණය කර  නාවික හමුදා භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාවන්ගේ ගමන්ගත් පුද්ගලයන් කල්පිටිය, හලාවත, පුත්තලම, මීගමුව සහ කිලිනොච්චිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදී. මෙම පුද්ගලයින් මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් මෙම පුද්ගලයින් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට නියමිතව ඇත.

ලොව විවිධ රට වල සිදු වන දේශපාලනික වෙනස් වීම් සැලකිල්ලට ගනිමින් මිනිස් ජාවාරම් කරුවන් විසින් අහිංසක මිනිසුන් රවටා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් නීති විරෝධී සංක්‍රමණික කටයුතු කලින් කලට වැඩි වශයෙන් සංවිධානය කරනු ලබන අතර, මුහුදු ගමනකට නුසුදුසු භාවිතයෙන් ඉවත දැමීමට නියමිත අබලන් තත්වයේ අනාරක්‍ෂිත බහු දින ධීවර යාත්‍රා මඟින් ඉතා අනතුරුදායක ලෙස සිදු කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසු වී තම ජීවිත හා දේපල විනාශ කර ගැනීම පමණක් නොව නීතිය ඉදිරියේ වරද කරුවෙකු වීමෙන් වළකින ලෙස ද නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments