ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් තමන් වෙත පැවරී ඇති රාජකාරිය නීත්‍යානුකූලව සිදු කළ යුතු අතර එලෙස කටයුතු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම ඇමතිවරයා ලෙස රැකවරණය ලබාදෙන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මැතිතුමා අවධාරණය කරයි.
බත්තරමුල්ලේ, සුහුරුපායේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා මෙසේ සඳහන් කළේය.
පොලිස්පති, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සමග ඉකුත් බ්‍රහස්පතින්දා මෙම සාකච්ඡාව පැවැත්විණි.
පොලිස් නිලධාරීන් රාජකාරි සිදු කිරීමේදී ප්‍රායෝගිකව මුහුණ දෙන නීතිමය ගැටලු පිළිබඳව අදාල ආයතන සමග සම්බන්ධීකරනය වෙමින් කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවට ද ඇමතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
ශ්‍රී ලංකා පොලිසියට පාලනය කරගත් නොහැකි අසීරු අවස්ථා වලදී ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගගත යුතු බව ද ඇමතිතුමා සඳහන් කළේය.
එම සාකච්ඡාවේදී සඳහන් වූ කරුණු කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මැතිතුමා උපදෙස් දුන්නේය.
