කේරළ ගංජා , අයිස් මත්ද්‍රව්‍ය හා මුදල් සමග පුද්ගලයෙකු බොරැල්ල, කාසල් පාරේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) බොරැල්ල පොලිස් වසමේ අංක 70/35, සරසවි පටුමග, කාසල් පාර, බොරැල්ල ලිපිනයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑමි 54 යි, මිලි ග්‍රෑමි 51 ක්, කේරළ ගංජා ග්‍රෑමි 796 ක් හා ජාවාරමෙන් උපයාගත් යයි සැක සහිත මුදල් රුපියල් 366,000.00 සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 30 පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 12 ක් සමග පුද්ගලයෙකු වැටකෙයාවල ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කුරුණෑගල කඳවුරේ උප පොලිස් පරීක්ෂක කේ.ඩි.එච්.කේ. ගයාංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) පන්නල පොලිස් වසමේ වැටකෙයාවල ප්‍රදේශයේ දී යතුරු පැදියක් මගින් කේරළ ගංජා කිලෝ 12, ග්‍රෑමි 645 ක් හා ජාවාරමෙන් උපයාගත් යයි සැක සහිත මුදල් රුපියල් 16,370.00 ක් සන්තකයේ තබාගෙන ප්‍රවාහණය කරමින් සිටි වයස අවුරුදු 36 පසුවන පන්නල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.