21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකේරළ ගංජා කිලෝ තුනකට අධික ප්‍රමාණයක් හා ළඟ තබාගෙන සිටි අයෙක් එස්.ටී.එෆ්....

කේරළ ගංජා කිලෝ තුනකට අධික ප්‍රමාණයක් හා ළඟ තබාගෙන සිටි අයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ක.අ.නි. ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) සීදුව පොලිස් වසමේ අංක 149, මුතුවාඩිය, රත්දොළුගම මාර්ගයේ දී වැටලීමක් සිදුකර කේරළ ගංජා ළඟ තබාගෙන සිටි කොන්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සීදුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි කේරළ ගංජා කිලෝ 03, ග්‍රෑම් 365 යි,වලංගු මුදලින් රුපියල් 269,000.00 යි,ජංගම දුරකථන 02 යි,විද්‍යුත් තරාදියක්, යතුරු පැදියක් (BEN 8159) අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments