29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedVTA ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මෙවරත් BMICHහිදි

VTA ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මෙවරත් BMICHහිදි

රාජ්‍ය අංශය තුළ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන දිවයිනේ ප්‍රමුඛතම හා විශාලතම රාජ්‍ය ආයතනය වනුයේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියයි. 26 වසරක අඛණ්ඩ වෘත්තීය පුහුණුව ලබා දීමේ ක්‍රියාන්විතය තුළ මේ වනවිට පුහුණු ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව තුළ පවතින විධිමත් අධ්‍යාපන ක්‍රමවේදය යටතේ උසස් අධ්‍යාපනය  සඳහා විශ්ව විද්‍යාල වරම් ලබන සිසුන් හැර උසස් අධ්‍යාපනය ලැබීමට නොහැකි තරුණ දූ දරුවන්ව මෙන්ම අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාග කඩයිම තුළ  හා ඉන් එහා අධ්‍යාපන  සුදුසුකම් ලබන  දරුවන්ට  වෘත්තීය අධ්‍යාපනය ලබා දෙමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් රැකියා ගත කිරීමේ රාජ්‍ය අවශ්‍යතාවය මෙම ආයතනය මගින් ඉටු කරනු ලබයි‍.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු  අංශය යටතේ පවතින මෙම ආයතනය සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් පුහුණු මධ්‍යස්ථාන 215කට අධික ක්ෂේත්‍ර 19ක  වෘත්තීය දැනුමින්  පරිපූර්ණ නිපුණ ශිල්පීන් ඒක් වසරක් තුළ 50,000 කට ආසන්න තරුණ වෘත්තිකයන්  බිහි කිරීමේ ජාතික මෙහෙවරක නියැලී සිටියි. වෘත්තීය පුහුණු හා අධ්‍යාපන  ක්ෂේත්‍රයේ නවීන ක්‍රමවේදයන් හා තාක්ෂණය මඟින් පුද්ගලයන් තුළ නිපුණතාවයන් සංවර්ධනය කරමින් ගෝලීය පුහුණු ශ්‍රම ඉල්ලුම සපුරමින් නිපුණත්වයෙන් බලගැන්වී විශිෂ්ටයෙකු ලෙස වෘත්තීය පුහුණු ලෝකය ජයගැනීමට අවශ්‍ය නිපුණතාවයන් ලබා දෙමින් VTA ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සක්‍රීයව දායක වෙයි.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය තුළ වෘත්තීය පුහුණුව ලබන සිසුන් අතරින් ඩිප්ලෝමා සහතික ලබන NVQ Level 5 හා 6 මට්ටමින් පාඨමාලා හදාරන සිසුන්‌ සඳහා මෙවර ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය (20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.

ඉදිකිරීම් තාක්ෂණය (NVQ Level -5),තොරතුරු තාක්ෂණය (NVQ Level -5),ප්‍රමාණ සමීක්ෂණ (NVQ Level -5),විලේපනවේදය (NVQ Level -5), මෝස්තර නිරූපණ ශිල්පය (NVQ Level-6) යන ඩිප්ලෝමා පාඨමාලා සම්පූර්ණ කරන ලද සුදුසුකම් ලැබූ සිසුන් 421ක් සඳහා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානය කරනු ලබයි. මෙම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය ‍ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ ප්‍රධාන විධායක  නිලධාරි ඒරංග බස්නායක මහතාගේ හා උපසභාපති මහේෂ් ආරියරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ VTA අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.

වෘත්තීය පුහුණු අධ්‍යාපනය වෙනුවෙන් අප විසින් ඒකතු කරනු ලබන වටිනාකම තම ජීවිතයට ඒක්කර ගැනීමට මෙන්ම,  ගෝලීය රැකියා වෙළදපොළ හරහා තම වෘත්තීය අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා  දැන්ම අප හා  එක්වන්න. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ වෘත්තීය සිහින දකින්න. විශිෂ්ටයෙකු  බවට පත්වන්න..ඔබේ හැකියාව තුළ එහි සීමාවෙන්  එහාට පියනගන්න. ජිවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක් …වෘත්තීය පුහුණුවේ ජාතික සන්නාමය VTA..

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments