29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්පොදුජන පෙරමුණට සහය පලකළ දේශපාලන පක්ෂ රැසක් එජාපය සමග එක්වෙයි.

පොදුජන පෙරමුණට සහය පලකළ දේශපාලන පක්ෂ රැසක් එජාපය සමග එක්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ දේශපාලන පක්ෂ රැසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට තීරණය කර තිබේ. එම පක්ෂවල නායකයින් මූලික සාකච්ඡාවලින් අනතුරුව පසුගියදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මේ බව පැවැසූහ.

ඉලංගෙයි මක්කල් දේශීය කච්චි වෙනුවෙන් එහි මහලේකම් එස්.විශ්නුකාන්තන්, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දුසුයන්ත් මනලංගම්, ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය වෙනුවෙන් එහි උප සභාපති ඉන්දික සූරියආරච්චි, ශ්‍රී ටෙලෝ වෙනුවෙන් එහි මහලේකම් පී.උදයරාසා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක ආචාර්ය එන්.කුමාර ගුරුභවන්, එක්සත් කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් එහි නායක ඒ.එම්. මුබාරක්, ලංකා කොමියුනිස්ට් එකමුතු සංවිධානය වෙනුවෙන් එහි මහලේකම් ඊ.තම්බයියා, එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ වෙනුවෙන් එහි නායක ජගත් කරුණානායක, ශ්‍රී ලංකා එක්සත් එකමුතු පක්ෂය වෙනුවෙන් එහි නායක එම්.එස්.එම්. සතීක් යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්වූහ.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම සාකච්ඡා සදහා එක්වූයේ පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතායි. එක්සත්ව හා රටට වැඩදායී ලෙස දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීම ඉතා ඉක්මනින් සිදුවිය යුතු බව ඉහත පක්ෂවල සියළු නායකයින් අවධාරණය කළහ. ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමටද ඔවුහූ එකගතාව පළකළහ.

එමෙන්ම ඉදිරි දෙසතිය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පුළුල්ව සාකච්ඡා සිදුකිරීමටත්, අනතුරුව පුළුල් හා ජනතාවාදී දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීමටත් ඔවුන් කැමැත්ත පලකරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments