සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPශ්‍රී ලංකා රේගුව 2024 දී රුපියල් ට්‍රිලියන 1.5 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයයි.

ශ්‍රී ලංකා රේගුව 2024 දී රුපියල් ට්‍රිලියන 1.5 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයයි.

ඉකුත් අවසන් වූ වසරේදී ශ්‍රී ලංකා රේගුව, ඉතිහාසයේ වසරක් තුල ලබාගත් ඉහලම ආදායම ලබා ගනිමින්, රුපියල් ට්‍රිලියන 1.5 හේ සීමාව ඉක්මවමින්, වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත් වූ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්,රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කරයි.

ඊයේ 31 දින දහවල් 11 වන විට රුපියල් ට්‍රිලියන 1.5 සීමාව ඉක්මවූ රේගු ආදායම, දිනය අවසානයේදී රුපියල් ට්‍රිලියන 1.515 ක් දක්වා වර්ධනය වීමට නියමිතයි.

ඒ අනුව, රජය 2024 වසර සඳහා ලබා දී තිබූ රුපියල් ට්‍රිලියන 1.533 ක ආදායම් ඉලක්කය ඉතා ආසන්නයටම සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී ඇත.

රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහල යාම හා විශේෂයෙන් රේගු කලමනාකාරිත්වය විසින් සිදු කරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ශම කිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා සමස්ථ රේගු කාර්‍ය මන්ඩලයම කැපවී කටයුතු කිරීම මේ අයුරින් වාර්ථාගත ආදායමක් උපයා ගැනීමට හේතු වී ඇත.

මෙම ආදායම උපයා ගැනීමට, තමන් ගෙවිය යුතු බදු මුදල් ප්‍රමානය නිවැරදිව ගෙවමින් දායකත්වයක් ලබා දුන් සියලුම බදු ගෙවන්නන් හට ශ්‍රී ලංකා රේගුව ස්වකීය ප්‍රණාමය පුදකර සිටී.

එමෙන්ම, රජය විසින් ලබා දුන් බදු ආදායම් ඉලක්ක සපුරා ගනිමින් රටේ සමස්ථ ආර්ථිකයට ඉහලම දායකත්වයක් ලබා දීමට හැකිවීම පිලිබඳව ශ්‍රී ලංකා රේගුවේ කාර්‍ය මන්ඩලය ස්වකීය සතුට ප්‍රකාශ කර සිටී.



RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments