සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeක්‍රීඩා පුවත්ජාතික ස්කොෂ් තරඟාවලිය සාර්ථකව අවසන්වෙයි

ජාතික ස්කොෂ් තරඟාවලිය සාර්ථකව අවසන්වෙයි

ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය 44 වරටත් සංවිධානය කරනු ලැබු ජාතික ස්කොෂ් තරගාවලිය. 2025 ජනවාරි මස 04 වන දින සිට 07 වන දින දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු ස්කොෂ් සංකීර්ණයේදී පවැත්විණි.

දේශිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වු මෙම තරඟාවලිය ආධුනික පිරිමි සහ කාන්තා අවුරුදු 35න් ඉහළ පිරිමි, අවුරුදු 40න් ඉහළ පිරිමි, සහ අවුරුදු 50න් ඉහළ ප්‍රවීන , අවුරුදු 55න් ඉහළ ප්‍රවීන , පිරිමි පළිහ තරගය, කාන්තා සහ පිරිමි විවෘත යන කාණ්ඩ යටතේ තරග ඉසව් පවත්වන ලදි.

සියලු දෙනාගේ අවධානය දිනාගත් තරග ඉසවිව වන විවෘත පිරිමි සහ විවෘත කාන්තා අවසන් තරඟ සදහා පිරිමි අංශයෙන් රවිදු ලක්සිරි හා ශමිල් වකීල් සුදුසුකම් ලැබු අතර කාන්තා අංශයේන් යෙහෙනි කුරුප්පු හා චනිත්මා සිනාලි සුදුකම් ලබාගන්නා ලදි.

එහිදි අවසන් තරඟයේ වට 03 ට 0ක් ලෙස පිරිමි අංශයේ ශුරතාවය නොකඩවා 12 වන වරටත් රවිදු ලක්සිරි විසින් දිනාගත් අතර වට 03 ට 01ක් ලෙස ජයගත් චනිත්මා සිනාලි කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගැනිමට සමත් විය.

ත්‍යාග සහ සහතික පත් ප්‍රධානෝත්සවය ජාතික ස්කොෂ් තේරීම් කමිටු සාමාජික විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී විංග් කමාන්ඩර් නලින් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාව සදහා YETI සමාගමේ අධ්‍යක්ෂක දිශාන් බාලසූරිය මහතා, ජාතික ස්කොෂ් සංගමයේ සභාපති ධම්මික විජේසුන්දර මහතා, ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය උප සභාපති හා තරඟ සංවිධාන කමිටුවේ සභාපති ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ යන මහත්වරුන්ද එක්ව සිටින ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments