සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeUncategorizedභික්ෂු විශ්වවිද්‍යාලයේ අචාර්යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට

භික්ෂු විශ්වවිද්‍යාලයේ අචාර්යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ  ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා අතර සාකච්ඡාවක් අද (16) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඒ සඳහා භික්ෂු විශ්වවිද්‍යාලයේ පරිපාලන අංශයේ නිලධාරින් පිරිසක් ද සහභාගි වූහ.

   පසුගිය දා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ තීරණයක් මත එහි අධ්‍යයන කටයුතු තාවකාලික ව නවතා දැමුණු අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස ද දැනුම්දීමක් කර තිබුණි. පාලක සභාව විසින් ගත් එම තීරණයට හේතු වූ කාරණා පිළිබඳ ව අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා විසින් නියෝජ්‍ය අමාත්‍යාවරයා  දැනුම්වත් කළ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සාකච්ඡාව හා සම්බන්ධ වූහ. මෙහි දී විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අඩාළ නොවී, අඛණ්ඩ ව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments