සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මේ වසරේදී සාත්තු සේවා වෘත්තිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව යති.

මේ වසරේදී සාත්තු සේවා වෘත්තිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව යති.

මේ  වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

ජනවාරි 29 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත 152 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 34 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම (27) කාර්යාංශයේදී සිදුවූ අතර, ඊට කාන්තාවන් 29 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු අයත්වේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා (PIBA)  ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 2009 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments