සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ඉතිහාසයේ ප්‍රථම වරට කුරියර් ආයතනයකින් හමුවූ කොකේන් තොගයක් රේගු දැලේ

ඉතිහාසයේ ප්‍රථම වරට කුරියර් ආයතනයකින් හමුවූ කොකේන් තොගයක් රේගු දැලේ

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් Colombo Cargo Courier අංශය තුළ දෛනිකව සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට නවත්වන ලද බ්‍රිතාන්‍යය සිට මෙරටට කිරිබත්ගොඩ ලිපිනයකට එවා තිබූ පාර්සලයක්, එහි සැකකරු ඉදිරියේදී විවෘත කිර්‍රීමේදී සූක්ෂම ලෙස සගවා තිබූ kush නැමැති ගංජා විශේෂය 65g හා liquid cocaine මත් ද්‍රව්‍ය 500ml සොයා ගන්නා ලදී .

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 13 කට ආසන්න බව තහවුරු කරනගන්න ලදී.

මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර වැඩි දුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍ය්ංශයේ නිලධාරීන්ගේ සහාය ද ලැබී තිබුණි.

සැකකරු 23න් හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක අංශයේ රැකියාව කරන පුද්ගලයෙකු වේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිලිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරු සහ නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍ය්ංශයට අද දින භාරදීමට නියමිතය.

මෙය කොකේන් මත්ද්‍රව්‍ය දියර ලෙස කුරියර් ආයතනයකින් හමුවූ ඉතිහාසයේ පුථම අවස්ථාව වීම විශේෂ කරුණකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments