සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ජාත්‍යන්තර සමූපකාර සංවිධානයේ ආසියා පැසිපික් කලාපීය(T.CA.-A.P) වාර් ෂික මහා සම්මේලනය කොළඹදි....

ජාත්‍යන්තර සමූපකාර සංවිධානයේ ආසියා පැසිපික් කලාපීය(T.CA.-A.P) වාර් ෂික මහා සම්මේලනය කොළඹදි….

(ජාත්‍යන්තර සමූපකාර සන්ධානයේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂ ,ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති සරත් වීරසිරි)

ජාත්‍යන්තර සමූපකාර සංවිධානයේ ආසියා පැසිපික් කලාපීය(T.CA.-A.P) වාර් ෂින මහා සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැත්වීමට එම සම්මේලනය තීරණය කර ඇත.

පිලිපීනයේදී පසුගිය දා පැවති රැස්වීමේදී මෙම තීරණය ගත් බව ජාත්‍යන්තර සමූපකාර සංධානයේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂ ,ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති සරත් වීරසිරි මහතා පවසයි .
ඒ අනුව මෙවර සම්මේලනය නොවැම්බර් මස 24-28 දක්වා උත්කර්ෂවත් අයුරින් කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් මීට සමගාමීව ජාත්‍යන්තර සමූපකාර සහ වෙළෙඳ ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2025 වසර “සමූපකාර වසර” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.ජාත්‍යන්තර සමූපකාර සංවිධානයේ වැඩිම සාමාජිකත්වයක් හිමි වන්නේ ආසියා පැසිපික් කලාපයටයි.මෙම කලාපයට රටවල් 29 ක් ඇතුළත් වන අතර සාමාජික සංවිධාන 107ක් ඇත.
චීනය,ඉන්දියාව ,කොරියාව ජපානය වැනි රටවල් අතුරින් ශ්‍රී ලංකාවේ මෙවර සමුළුව පැවැත්වීමට අවස්ථාව හිමි වීම අප රට ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් එය ශ්‍රී ලංකාවේ සමූපකාර සේවයට විශාල ගෞරවයක් බවත් සභාපති වරයා පවසයි.
ශ්‍රී ලංකාවේ දැනට සමූපකාර සාමාජිකයන් ලක්ෂ 80ක් පමණ සිටින අතර සමූපකාර සමිති 15000ක් පමණ තිබේ.පනස් දහසක් පමණ සේවයේ නියුතු සමූපකාර ව්‍යාපාරය මෙරට දැවැන්ත සංවිධානයකි.
මෙවර සමුළුව මෙරට පැවැත්වීම තුළින් මෙරට සමූපකාර ව්‍යාපාරයට හා ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් හිමි වේ.
රටවල් 33ක නියෝජිත්‍යන් මෙරටට පැමිණීම තුළ සමූපකාර ක්ශේත්‍රයේ ප්‍රබෝධයක් මෙන්ම ජාතාන්තර ප්‍රචාරයක් ද ලැබෙනු ඇත.මෙරට සංචාරක ක්ශේත්‍රයේ නව ඉඩ ප්‍රස්ථා ඇති වීම සංචාරක සේවා ප්‍රවර්ධනය වීම, මෙරට සමූපකාරිකයන්ට ජාත්‍යන්තර සමුළුවක අත්දැකීම් හිමි වීම,නව ව්‍යාපාරික හා අධ්‍යාපනික ප්‍රවේශයන් විවර වීම, මෙරට සංස්කෘතික හා දේශීය සොබා සෞන්දර්ය පිළිබඳව ජාත්‍යාන්තර ප්‍රචාරයක් ලැබීම ඇතුළු ප්‍රතිලාභ රැසක් මේ සමුළුව නිසා මෙරටට හිමි වන බව ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති සරත් වීරසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments