සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මේ වසරේදී සාත්තු සේවා වෘත්තිකයින් 2000ක් ඊශ්‍රායලයට...

මේ වසරේදී සාත්තු සේවා වෘත්තිකයින් 2000ක් ඊශ්‍රායලයට…

2025 වසරේ දී ශ්‍රි ලාංකිකයින් 2000ට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.  

මේ වසරේ ජනවාරි සිට අද දින (2/18) දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 148 දෙනෙකුට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පෙබරවාරි 24 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත 155 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 17 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම අද දින (2025.02.18) කාර්යාංශයේදී සිදුවූ අතර, ඊට කාන්තාවන් 15 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 02 දෙනෙකු අයත්වේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා (PIBA)  ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් 2038 දෙනෙකු හට හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments