සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeකලා පුවත්ඇඟළුම් සේවිකා ගැටලු හමුවේ යකඩ යදම් බිඳ හෙලමින් නැගි සිටින වෘත්තීය සමිති...

ඇඟළුම් සේවිකා ගැටලු හමුවේ යකඩ යදම් බිඳ හෙලමින් නැගි සිටින වෘත්තීය සමිති නායිකාවක් ‘තේජා‘ ලබන 07 ඔබ හමුවට….

තහනම ඉවත් කරමින් ‘තේජා‘ චිත්‍රපටය ලබන (07) තිරගතවේ. ‘‘ශ්‍රි ලාංකේය කාන්තා හඩක පූර්වාදර්ශය‘‘යන තේමාව ඔස්සේ ලෝක කාන්තා දිනයත් සමග මෙම චිත්‍රපට තිර ගතකෙරේ.

නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හල් තුල බලාත්මක කරනු ලැබු පීඩාකාරි කළමනාකරණ උපක්‍රම සහ දුක්ඛිත සේවා කොන්දසෙි වලට එරෙහිව සූරාකෑමට ලක්වු කාන්තා කම්කරුවන් මෙහෙයවන 1982-1985 වියරු අරගලය මෙම සිනමා නිර්මාණයට වස්තු බීජවි ඇත. තේජා යනු විශ්වාසනීය බිරිඳක් සහ මවයි. ඇයගේ සැමියාගේ අනපේක්ෂිත ‍ඛේදජනක අනතුරෙන් පසුව ඇගේ ජීවිතය වෙනස්විය. ඒ වෙනස්වීමත් සමග ම දක්ෂ වෘත්තීය සමිති නායිකාවක් වන අයිරින්ගේ ආභාෂය තේජා විසින් අනුගමනය කරයි.

මෙම චිත්‍රපටයේ රංඟනයෙන් නීටා ප්‍රනාන්දු, මහෙන්ද්‍ර පෙරේරා, අනුරුද්ධිකා පාදුක්ක, අයිරාංගනී සේරසිංහ, චමිලා පීරිස්, සුජානි මේනකා, අතුල පතිරණ හා ශ්‍රීමාල් වෙඩිසිංහ,කේ.ඒ. මිල්ටන් පෙරේරා,කරුණාරත්න අමරසිංහ, රචිනි විරංගා සන්දීපනී(ළමා) ඇතුළු තවත් ශිල්පීන් ගෙනි.

තේජා අධ්‍යක්ෂනය හා තිරරචනය නිලන්ත හපන්වීර, නිෂ්පාදනය නීටා ප්‍රනාන්දු හා සුරංග අල්විස්, මහිල් ආර්. පෙරේරාගෙනි, කැමරාව කාවින්ද රණවීර, සංස්කරණය ස්ටැන්ලිද අල්විස්, ගීත රචනය වසන්ත කුමාර කොබවක, ගීත ගායනය උමාලි තිලක රත්න,සංගීතය නවරත්න ගමගේ,කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, අංඟ රචනය මනෝ සෙල්වරාජ් හා හංසක සුගීර, නිෂ්පාදන කළමනාකරණය සරත් වීරසේකර

ශබ්ද සංකලනය හා ශබ්ද ප්‍රයෝග ලයනල් ගුණරත්න ශෂිත රුවන් මාරසිංහ, සහය අධ්‍යක්ෂණය චන්දන ඉරුගල්බණ්ඩාර

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments