සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්සුසන්තා චන්ද්‍රමාලි දිවිසැරියෙන් සමුගනී.

සුසන්තා චන්ද්‍රමාලි දිවිසැරියෙන් සමුගනී.

ජනාදරයටපත් රංඟන ශිල්පිණියකවු සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්තවිය.

කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය.

හම්බන්තොට මුල්කිරිගල දී 1964 වසරේදී උපත ලැබූ ඇය මියයන විට 61වන වියේ පසුවූවාය.

මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට සුසන්තා චාන්ද්‍රමාලි මහත්මිය රංඟපෑවාය.

ඊට අමතරව ඇය සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී ඇත.ඒ මහත්මියගේ දේහය කඩුවෙල කොතලාවල ඇය සිටි නිවසේ තැන්පත් කර තිබෙන අතර අද(01) සවස අවසන් කටයුතු කිරීමට නියමිතයි.

එක්දරු මවක්වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments