සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeක්‍රීඩා පුවත්ලලිත් ඇතුළත්මුදලි අනුස්මරණ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟාවලියක්...

ලලිත් ඇතුළත්මුදලි අනුස්මරණ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟාවලියක්…

ලලිත් ඇතුළත්මුදලි අනුස්මරණ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය මාර්තු 21/22 මෝදර
මුතුවැල්ල ක්‍රීඩාංගණයේ දී

හිටපු වෙළඳ හා නාවික අමාත්‍ය ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා සිහිපත් කරමින් සමාජවාදී එක්සත් සේවක සංගමය (වරාය ශාඛාව) වාර්ෂිකව සංවිධානය කරන ලලිත් ඇතුළත්මුදලි අනුස්මරණ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය හයවන වරටත් මෙවර පැවැත්වේ.
වරාය අධිකාරියේ සේවක කණ්ඩායම් සහ වරායට අනුබද්ධ පෞද්ගලික ආයතනවල සේවක කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම වාර්ෂික ක්‍රිකට් තරගාවලිය මෙවර මාර්තු 21 සහ 22 යන දෙදින මෝදර මුතුවැල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.එම තරඟාවලිය සඳහා මෙවර කණ්ඩායම් තිහකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන බව එම සංගමයේ සභාපති ඩිලාන් ගුරුසිංහ මහතා පවසයි.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය වරාය,ගුවන් සේවා හා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය
ජනක රුවන් කොඩිතුවක්කු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වරාය අධිකාරිය සභාපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මාර්තු විසි දෙවෙනි දින පස්වරුවේ පැවැත්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments