සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්කුවේට්හිදී අනතුරට ලක්වූ කාන්තිරන්ත මැණිකෙට කාර්යාංශෙයන් නව නිවසක්

කුවේට්හිදී අනතුරට ලක්වූ කාන්තිරන්ත මැණිකෙට කාර්යාංශෙයන් නව නිවසක්

කුවේට්හි විදේශ රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන් තනා දුන් නව නිවසට ගෙවිදීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රධානව කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථාන නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල, මාගන්දනමුල්ල ප්‍රදේශයේදී ඊයේ දින සිදුකෙරිණි.

දරුවන් දෙදෙනෙකුගේ මව වන ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියගේ සැමියා මියගොස් ඇත. වැඩිමහල් දියණිය යුධ හමුදාවේ සේවය කරන අතර බාල දියණිය උසස්පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී.

ලෑලි හා ඉටිකොළ ආවරණය කර ටකරම් වහල සෙවිලි කළ නිවසක ජීවත් වූ කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සහන නිවාස සුබසාධන වැඩසටහන මගින් රුපියල් ලක්ෂ 17.5ක වියදමින් මෙම නිවස සාදා දුනි. නිවස තැනීමේ කටයුතු මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදුවිය.

විදේශ රැකියාවක් සඳහා යොමුවීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම අනිවාර්ය වන අතර එසේ ලියාපදිංචිවී විදේශ රැකියාවට පිටත්වයාම හේතුවෙන් කාන්තිරත්න මැණිකේ මහත්මිය හට මෙම නිම නිවස හිමිවුණා. එසේම කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම මගින් විගමනික ශ්‍රමිකයන් හට නොමිලේ රක්ෂණ ආවරණ, රැකියාවේදී අනතුරට පත්වුවහොත් වෛද්‍යාධාර හා නිවාස, ශ්‍රමිකයන්ට හා ඔවුන්ගේ පවුලේ අයට වෛද්‍ය සායන, ස්වයංරැකියා ආධාර හා මාර්ගෝපදේශනය, දූදරුවන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ආදී වූ සුබසාධනය හා සංවර්ධනය වෙනුවෙන් පහසුකම් රැසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙනු ලබනවා‍.

කාන්තිරත්න මහත්මියගේ නිවසට ගෙවිදීමේ අවස්ථාවට කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ඌව පළාත) එස්.ගාල්ලගේ මහත්මිය සහ කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථාන නිළධාරීන් හා විදේශ රැකියා සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments