සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPමියන්මාරයේ භූකම්පනයේ මියගණන දහස ඉක්මවයි.

මියන්මාරයේ භූකම්පනයේ මියගණන දහස ඉක්මවයි.

මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පුද්ගලයින් 1,670ක් පමණ තුවාල ලබා ඇති බවය.

එරට හමුදා පාලනය මේ බව තහවුරු කර තිබේ.

මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12:50ට පමණ ඇතිවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙස සටහන් වී තිබුණි.

කෙසේ නමුත් එම භූ කම්පනයෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවී තිබේ.

මෙම භූ කම්පනවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී තිබුණි. 

ඒ හේතුවෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවිය.
 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments