සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeආරක්ෂක පුවත්නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් මන්නාරම...

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම උතුර, කිරන්චි මුහුදු ප්‍රදේශයේ ඉකුත් (16)  සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙණ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.  

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන භාණ්ඩ ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් අඛණ්ඩව මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණය විසින් 2025 අප්‍රේල් මස 16 වැනි දින මන්නාරම උතුර කිරන්චි මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදේ පාවෙමින් තිබු සැකකටයුතු පාර්සල් දෙකක් (02) පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම පාර්සල් තුල තිබූ නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බවට සැක කෙරෙන ෂැම්පූ පැකට් තුන්දහස් දෙසීයක් (3200), රූපලාවණ්‍ය ආලේපන තුන්සිය හැත්තෑ හයක් (376) සහ රූපලාවන්‍ය සබන් හැත්තෑ පහක් (75) ඇතුළු රූපලාවණ්‍ය ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.  

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩ බිමට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙණ, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ජයපුරම් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.     

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments