සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිට ලිපියක් යවා නෑ. ඉදිරි රැස්වීමේදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා-සභාපති...

මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිට ලිපියක් යවා නෑ. ඉදිරි රැස්වීමේදී තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා-සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක

අනුර ප්‍රේමලාල්

මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් ලිපියක් ජනාධිපතිට තවම මැතිවරණ කොමිසමෙන් යවා නැති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් TOP NEWS ASIA පුවත් වෙබ් අඩවිය මගින් සිදුකළ විමසුමකදී සභාපතිවරයා තවදුරටත් කියා සිටියේ මෙවැනි ලිපියක් යැවීමට අදහස් කළත් එවැනි ලිපියක් යැවු නිති බවය. මැතිවරණ කොමිසමේ නීති අංශයේ යම් නිලධාරියකු මෙවැනි ලිපියක් යැවු බවට සිදුකළ ප්‍රකාශයක් නිසා මේ තත්ත්වය උද්ගතවු අතර මේ සම්බන්ධයෙන් මගෙන් මාධ්‍ය විමසු විට එවැනි ලිපියකට මා අත්සන් කළේ නැති නිසා එවැනි ලිපයක් යැවු නැති බව කීවේය. .
කෙසේ වෙතත් ළඟදීම රැස්වන මැතිවරණ කොමිසම විසින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් කීය.

සභාපතිවරයාගේ මෙම ප්‍රකාශය විධිමත් ප්‍රකාශයක් නොවන බව පැහැදිලි බව පෙනේ. නීති අංශයේ නිලධාරියා ඇයි වගකීම් විරහිත ප්‍රකාශයක් සිදුකළේ යන්න සැකයක් ඕනෑම අයකුට සිතෙන්න පුළුවන්. ස්වාධීන කොමිසමක් ලෙස කටයුතු කරන මැතිවරණ කොමිසම මෙසේ වගකීමක් නොමැතිව කටයුතු කිරීම ගැන රටේ පුරවැසියන් හැටියට අපි කණගාටුව පළ කර සිටිමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments