සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPපළාත් පාලන තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අනිද්දා (24)

පළාත් පාලන තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අනිද්දා (24)

තැපැල් ඡන්ද සලකුණු කිරීමේදී රාජකාරි හැඳුනුම්පත භාවිත නොකිරීමට අවසර ලබා නොදෙන බව මැතිවරණ කොමිසම පවසයි.

මීට පෙර ඒ අවස්ථාව ලබා දුන්න ද එහිදී මතුවන ගැටලු හේතුවෙන් මෙම තීරණය ගත බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීමේ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත සහ ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කරගත යුතුය.

තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අනිද්දා (24) ආරම්භ වන අතර 25, 28 සහ 29 යන දිනවලදී ද තැපැල් ඡන්ද සළකුණු කිරීමට හැකියි.

ඒ අනුව පළාත් පාලන ආයත 339 ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක කියා සිටියේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments