සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් ඉදිරියටම.

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙඳුන් සොයා වැටලීම් ඉදිරියටම.

දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් පනවා ඇති අතර, ඒ අනුව පානීය ජල බෝතල් මිලි 500 රු.70/-ට ද ලිටර් 1 රු.100/-ට ද ලිටර් 1.5 රු .130/-ට ද ලිටර් 2 රු .160/-ට ද ලිටර් 5 රු .350/-ට ද වඩා වැඩි මිලකට විකිණීම නොකළ යුතුය.

එසේම නව මිල ගණන් යටතේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර නිෂ්පාදනය කරනු ලැබූ පානීය ජල බෝතල්වල කවර මිලක් සටහන්ව තිබුණ ද එම පානීය ජල බෝතල් ගැසට් පත්‍රයේ සඳහන් උපරිම සිල්ලර මිලට අලෙවි කිරීම අනිවාර්ය වන අතර ගැසට් පත්‍රය නිකුත් කළ දිනයට පසුව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල් ඇසුරුම් හි නව මිල සටහන් කිරීම ද අනිවාර්ය වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කරනු ලබන, සමාගමක් ලෙස ලියාපදිංචි ව්‍යාපාරිකයන් පළමු වරට කරනු ලබන වරදක දී රු. ලක්ෂ 5 – රු. ලක්ෂ 50 අතර දඩ මුදලක් ද සමාගමක් නොවන ව්‍යාපාරික ආයතනයක් එම වරද පළමු වරට කරනු ලැබුවහොත් රු.100,000/- සිට රු.500,000/- දක්වා දඩ මුදලක් ද අධිකරණ මගින් නියම කරනු ඇත. සමාගමක් නොවන ව්‍යාපාරිකයෙකුට එම දඩ මුදලට අමතරව පළමු උල්ලංඝනයේ දී මාස 06ක සිරගතවීමක් හෝ දඩය සහ සිරගතවීම යන ආකාර දෙකෙන් එකකට යටත් වීමට ද සිදුවිය හැකිය. දෙවන වරට හෝ ඉන් පසුව කරනු ලබන වදරකදී ඉහත සඳහන් දඩ සීමාවන් තවත් වැඩිවනු ඇත.

දිවයිනපුරා, පානීය ජල බෝතල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments