සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශපාලන පුවත්ආණ්ඩුව බොරුවෙන් රජ වුණා. සමාජය මිලේච්ඡත්වයෙන් රජ වුණා. ජනතාව අන්ත අසරණ වුණා...

ආණ්ඩුව බොරුවෙන් රජ වුණා. සමාජය මිලේච්ඡත්වයෙන් රජ වුණා. ජනතාව අන්ත අසරණ වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

පිටපිටම මැතිවරණ 2ක් අවසන් වී 3 වැනි මැතිවරණයට මුහුණ දෙන අවස්ථාවේ පසුගිය මැතිවරණ 2 රජය රටට ඉදිරිපත් කළ වැඩපිළිවෙළට කුමක්ද වූයේ කියා සොයා බැලිය යුතු බවත් සුබ නැකතින් රට අනුරට කියා පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ගැන කතා කර අද වන විට බොරුව මුසාව මුලාව රැවටිල්ල ඇන්දවිල්ල නිසා රටේ සමස්ත ජනයා අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමාජය දෙස බලන විට නාදුනන තුවක්කුකරුවන්, නාදුනන වෙඩික්කාරයන්ගේ ග්‍රහණයට සමාජය ලක්ව සමාජය තුළ මිනිමරු කණ්ඩායම් මිලේච්ඡත්වය ක්‍රියාත්මක කරන කණ්ඩායම් රජ වී ඇති බවත් කඩුව කිණිස්ස, උණ්ඩය, බෝම්බය, බයිනෙත්තුව, ටී56 අද රජ වී නීතිය ක්‍රියාත්මක නොවී නීතිය වල්බිහි වී කැලෑ නීතිය ක්‍රියාත්මක වන බවත් මිනිමරු කල්ලි කණ්ඩායම් මුළු සමාජයම බිය වද්දා දැවැන්ත භීෂණයක් මුළු සමාජයේම වෙලාගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද අප රටේ සමාජය මිනිමරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වී නිවසේදීත් මහමගදීත් වැඩබිමේදීත් උසාවියේදීත් මිනිමරණ තැනට රට පත්ව ඇති බවත් මේ සදහා රජයට කිසිදු විසදුමක් හා වැඩපිළිවෙලක් නොමැති බවත් නීතිය හා සාමය ගැන කයිවාරු ගැහුවාට මුළු රටටම ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දෙන්න සූදානම් වූවාට දැන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න වී ඇත්තේ මාලිමා ආණ්ඩුවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments