සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හාරදාස් එකසිය විස්සක් රේගු දැලේ......

කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හාරදාස් එකසිය විස්සක් රේගු දැලේ……

ඉන්දියාවේ නාගපටුනම් වරායේ සිට කන්කසන්තුරයේ වරායට පැමිණි සිවගන්ගායි නැමැති මගී යාත්‍රාවෙන් (16)පැමිණි වයස අවුරුදු 33ක් වූ ඉන්දියානු ජාතික මගියෙකු ශ්‍රී ලංකා රේගුවේ කන්කසන්තුර වාරයේ සේවයේ නියුතු නිලධාරීන් පරීක්ෂා කිරීමේදී කුෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4120 සොයාගෙන තිබේ.

මෙම මගියා රැගෙනවිත් තුබූ විශාල සූට්කේස් දෙක පරීක්ෂා කිරීමේදී ඒවයේ පාවිච්චි කල ඇදුම් පමණක් තිබුනි. මෙම ගමන් මළු පිළිබඳ සැක සිතු රේගු නිලධාරීන් ඒවා වැඩිදුර පරීක්ෂා කිරීමේදී එම සූට්කේස්වල සකස්කරනලද ව්‍යාජ ස්ථර තුල සඟවා තිබු කුෂ තොගය සොයාගන්නා ලදී. එම කුෂ් තොගයේ වීදි වටිනාකම රුපියල් මිලියන 41.2 පමණ වේ.

රේගු නිලධාරීන් මුලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රවය කාර්යංශ වෙත භාර දෙන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments