සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeක්‍රීඩා පුවත්2025 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වන දිනයන් සහ...

2025 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වන දිනයන් සහ ස්ථාන…

2025 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වන දිනයන් සහ ස්ථාන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.

එම තරගාවලිය සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 02 දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් අටක් මේ වනවිට සුදුසුකම් ලබා තිබේ.

එම කණ්ඩායම් අට වන්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පකිස්තානයයි.

පාකිස්තාන කණ්ඩායම තරග කරන සියලුම තරග ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වනු ලබන්නේ  M. Chinnaswamy Stadium (Bengaluru), ACA Stadium (Guwahati), Holkar Stadium (Indore), ACA-VDCA Stadium (Visakhapatnam), සහ කොළඹ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments