සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්පොසොන් සමයේදී වැරදි කල අනුරාධපුරයේ වෙළඳුන් 105 කට නඩු.

පොසොන් සමයේදී වැරදි කල අනුරාධපුරයේ වෙළඳුන් 105 කට නඩු.

මෙවර පොසොන් උත්සවය සැමරුම් සමයේදී අනුරාධපුර සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ දැනුවත්කිරීම් සහ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කල අතර ඒ සදහා විශේෂ කණ්ඩායම්ද යොදවන ලදී. මෙම වැටලීම්වලදී හදුනාගත් වැරදි කරන ලද වෙළදුන් 105 කට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.

කල් ඉකුත්වූ ආහාර ඇතුළු භාණ්ඩ අලවිකිරීම, භාණ්ඩයේ සදහන් කර ඇති මිලට වඩා අධික මිලට භාණ්ඩ අලෙවිකිරීම, තොරතුරු නොමැති පූජා භාණ්ඩ අලෙවිකිරීම, ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකුල නොවන විදුලි උපකරණ අලෙවිකිරීම , කල් ඉකුත් වූ සහ නව භාණ්ඩ එකට ගබඩා කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීම යන වැරදි මෙහිදී වැඩි වශයෙන් අනාවරණය වී ඇත.

මෙම වැටලීම් අනුරාධපුර නගරය, පූජා නගරය , මිහින්තලය, තිසාවැව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සිදු කරන ලද අතර වැටලීම්වලට සමගාමීව වෙළඳුන් දැනුවත්කිරීම සඳහාද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments