සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශපාලන පුවත්දෙස් විදෙස් රාජ්‍ය නායකයින් විශාල පිරිසක් සමග සමීපව කටයුතු කළ දැනට සිටින...

දෙස් විදෙස් රාජ්‍ය නායකයින් විශාල පිරිසක් සමග සමීපව කටයුතු කළ දැනට සිටින එකම දේශපාලඥයා ඩිව් ගුණසේකරයි.

අනුර ප්‍රේමලාල්

ඡායාරූප- තුෂාර ප්‍රනාන්දු

ඩි.ඇස්.සේනානායක සිට අනුර කුමාර දක්වා මෙරට සිටි හා සිටින නායකයින් සමග සමීපව කටයුතු කළ දැනට සිටින එකම දේශපාලඥයා ඩිව් ගුණසේකර මහතා බව මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත් (26) දේශපාලනයේ දැවැන්තයන් සමග ඩිව් ගුණසේකර ග්‍රන්ථය නිකුත් කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහචාර්යවරයා ගුණසේකර මහතා දේශීය වශයෙන් පමණක් ජාත්‍යාන්තරයේද දැවැන්ත නායකයින් සමග කටයුතු කළ නායකයෙක් ලෙස හැඳින්වුයේය. මේ රටේ පළමු පාර්ලිමේන්තුව වමේ එකක් ලෙස පිහිටුවීමේ අවස්ථාව මග හැරි ගිය බව ඩිව් සඳහන් කර තිබෙන කරුණු ගෙන හැර පාමින් දීර්ඝ විස්තරයක් සිදුකළේය.

මෙහිදි ඩිව් ගුණසේකරයන් ජාත්‍යාන්තර දේශපාලනය පිළිබඳ සෑම මොහොතකම යාවත්කාලීන දැනුමෙන් සිටීම කාගේත් කතාබහාට ලක්වූහ. සෑම දෙයක් පිළිබඳ විමර්ශනාත්ව විමසා බැලීම,නිරතරව කියැවීම මොහුට ආවේණික ලක්ෂණයක් විය. අලුතින් සිතන්න, යම් දෙයක් පිළිබඳ විමසා බලන්න, අතීතයේ කරුණු සැකවින් දැනගන්න දේශපාලනයේ දැවැන්තයන් සමග ග්‍රන්ථයේ තිබෙන සුවිශේෂ ලක්ෂණයක් බව විචාරක මතය විය.

මේ අවස්ථාවට විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් රැසක් එක්ව සිටි අතර පොල්තෙල් පහන් දැල්වීම මාධ්‍ය ආයතනවල ප්‍රධාන නිලධාරින් අතින් සිදුකිරීම විශේෂ සිදුවීමක් වූහ.

මෙම ග්‍රන්ථව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වර්තමාන ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩි.වීරසිංහ මහතා වෙත පිළිගැන්වීම සිදුකෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments