සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeBusinessජපන් තේ ලෝලීන්ට (Ceylon Iced tea) ශ්‍රී ලංකා අයිස් තේ රස හඳුන්වා...

ජපන් තේ ලෝලීන්ට (Ceylon Iced tea) ශ්‍රී ලංකා අයිස් තේ රස හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජපානයේ ජනතාව ඉතාමත් ප්‍රිය කරන ශ්‍රී ලංකා තේ, සිසිල් තේ පානයක් හෙවත් අයිස් තේ ලෙස හඳුන්වා දීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගියදා Ceylon Iced Tea ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීය.

ජපානයේ මේ දිනවල පවතින උණුසුම් ගිම්හාන සමයේ දී දෙරටේ මිත්‍රත්වයේ ප්‍රබෝධමත් සංකේතයක් ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිලෝන් අයිස් තේ ප්‍රවර්ධන සංදර්ශනාත්මක ඉසව්ව සංවිධානය කළ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයය කරයි.

ශ්‍රී ලංකා අයිස් තේ ජපාන තේ පානීය සංස්කෘතික කලාපයන්ට හඳුන්වාදීමට ගත් මෙම මුලපිරීම අපගේ ජපාන තේ පානීය මිතුරන්ට ශ්‍රී ලාංකික උණුසුමේ රසයක් ගෙන එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු යැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා එහි දී පැවසීය.
ජපාන තේ සංගමය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ජූලි තුන සහ හතර දෙදින දවස පුරා ටෝකියෝ නුවර චියෝඩා නගරයේ මෙම සිලෝන් අයිස් තේ ප්‍රවර්ධන උත්සවය පවත්වනු ලැබීය.
මෙම අයිස් තේ ප්‍රවර්ධන වැඩ සටහනින් ජපන් ශ්‍රී ලංකා සහෘද සාමූහිකයේ සිලෝන් තේ වල විචිත්‍රවත් රසයන් ඉස්මතු කරනවා පමණක් නොව, තේ උරුමය බෙදාගනිමින් එය අගය කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව පැමිණි ජපාන තේ රසිකයෝ පැවසූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments