සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්TRINEX-2025 එකාබද්ධ සමුද්‍රීය අභ්‍යාසය නැගෙනහිර මුහුදේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

TRINEX-2025 එකාබද්ධ සමුද්‍රීය අභ්‍යාසය නැගෙනහිර මුහුදේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්

ස්ථාවර සාගර කලාපයක් පෝෂණය කිරීමේ ජාතික සමුද්‍රීය අභිලාශය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය ජල තීරයේ සිට ජාත්‍යන්තර  මුහුද දක්වා සිදුකරනු ලබන පුළුල් පරාසයක ආවේක්‍ෂණ කටයුතු හා මෙහෙයුම් එකාබද්ධ ප්‍රවේශයකින් සිදුකිරීමේදී, නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර අන්තර් ක්‍රියාකාරීත්වය හා මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීමේ අරමුණෙන් සහ නාවික හමුදා නෞකා බලඇණිය ජාත්‍යන්තර  සමුද්‍රීය අභ්‍යාස සඳහා අනාගතයේදී සහභාගිවීමේදී අවශ්‍ය නව දැනුම කුසලතා සහ හැකියාවන් වර්ධනය කිරීමේ  අරමුණෙන්, “ත්‍රිකුණාමලය  නාවික අභ්‍යාසය – 2025” (Trincomalee Naval Exercise -TRINEX), මෙවරත් පැවැත්විමට නාවික හමුදාව සියළු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව, නාවික හමුදාවේ නෞකා බල ඇණිය ඇතුළු සියළුම දියත් ඒකක, විශේෂ යාත්‍රා බලඝණය, මැරීන් බලකාය  සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් “ත්‍රිකුණාමලය  නාවික අභ්‍යාසය – 2025”, 2025 ජූලි 22 සිට 27 දක්වා නැගෙනහිර නාවික විධාන මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිතව ඇත. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments