සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeක්‍රීඩා පුවත්අඛණ්ඩව තුන්වන වරටත් ආරක්ෂක සේවා පැසිපන්දු තරගාවලියේ කාන්තා ශූරතාව ගුවන් හමුදාවට

අඛණ්ඩව තුන්වන වරටත් ආරක්ෂක සේවා පැසිපන්දු තරගාවලියේ කාන්තා ශූරතාව ගුවන් හමුදාවට


ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ පැසිපන්දු තරගාවලිය පසුගියදා වැලිසර කමාන්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී සාර්ථකව අවසන්විය.
මෙම තරඟාවලියේදී ත්‍රිවිධ හමුදාව තුළ වර්ධනය වන තරඟකාරිත්වය සහ පැසිපන්දු ක්‍රීඩාවේ ඉහළ ප්‍රමිතීන් ඉස්මතු කරමින් සිත් ඇදගන්නාසුළු දස්කම් දක්වමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායමට එරෙහිව ලකුණු 46-45 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් අඛණ්ඩව තුන්වන වරටත් ගුවන් හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම 13 වන ආරක්ෂක සේවා පැසිපන්දු ශුරතාවය දිනා ගැනීමට සමත් විය.
13 වන ආරක්ෂක සේවා පැසිපන්දු ශුරතාවයේ පිරිමි අංශයේ ජය ලකුණු 79-65 ක තියුණු තරගයකින් අනතුරුව යුධ හමුදාව දිනා ගත් අතර එහි අනුශූරතාවය ගුවන් හමුදාව සතු විය.
මෙම තරගාවලියේ ත්‍යාඟ සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාවේ රියර් අද්මිරාල් එච් කේ දසනායක මහතා සහභාගි වූ අතර නාවික හමුදා පැසිපන්දු කණ්ඩායමේ සභාපති කපිතාන් පී එන් නානායක්කාර, යුධ හමුදා පැසිපන්දු කණ්ඩායමේ සභාපති මේජර් ජෙනරාල් ප්‍රනාන්දු, ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායමේ සභාපති එයාර් කොමඩෝර් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායමේ ලේකම් වින්ග් කමාන්ඩර් එච්.කේ.එච්. ඩයස් යන මහත්වරුන් හා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments